හෙටින් පසු ඇපත් නෑ..

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට මධ්‍යහ්න 12න් අවසන් වේ.

මේ වන විට ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් තිස්හතර දෙනෙකු ඇප මුදල් තැන්පත්කර ඇති අතර, සර්ව ජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ යන මහත්වරුන් වෙනුවෙන් අද (13) දින ඇප මුදල් තැන්පත් කරන ලදී.

මේ වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර, පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඒ අතර වන බව සඳහන් වේ.

ජනාධිපතිවරණය සදහා වැඩිවන සෑම අපේක්ෂකයෙක් සඳහා මිලියන 200ක අමතර වියදමක් දැරීමටද සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මේ අතර මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිලි 337ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසන අතර, ඉන් 329ක්ම නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති අතර එක් පැමිණිල්ලක් ලැබී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාලව බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...