ජනපති රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රදේශ කීපයක වැඩසටහන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ (LNW):

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හමුවක් පැවැත්වුණු බව පැවසේ. ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සදහා මෙම හමුව පැවැත්වුණු බව පැවසේ.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වූ බව සඳහන් වේ.

තවද, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රදානවත්යෙන්, පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙ හමුවක් පොලොන්නරුවේ දී පැවැත්වුණු බව වාර්තා වේ.

කොලොන්න ආසන සංවිධායක සුනිල් ජයවීර මහතාගේ ප්‍රදානත්වයෙන්, එක්සත් ජාතික පක්ෂ කොලොන්න ආසන බල මණ්ඩලය පිහිටුවීම ඇඹිලිපිටිය මහවැලි ශ්‍රවණාගාරයේ දී සිදුකෙරුණු බවත්, රත්නපුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක හසිත මොහන්දිරම් මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටි බවත් පැවසේ.