ජවිපෙ ජනාධිපති පත්වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බවත් මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ 72 පිටුවේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත් මේවා එකක්වක් ඉටු නොවී මේ අය රැවටූ බවත් පොරොන්දු කඩ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

35,000ක් උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ඉන් 20,000ක් ගුරු වෘත්තියටත් ආදී වශයෙන් රැකියා දෙන ආකාරය පෙන්වා ඇති බවත් රේගුව, දේශීය ආදායම්, සංචාරක, විදේශ සේවා ආදියට බඳවා ගන්නවා කිව්වත් එය නොවූ බවත් රැකියා දෙන බවට පොරොන්දු වී එකින් එක මැතිවරණ ජය ගෙනත් තවමත් මේ පොරොන්දු ඉටු කර ගත නොහැකි වී ඇති බවත් 2/3ක්, පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ ප්‍රාදේශීය සභා ඡන්දය පවා ජය ගෙන ඇති මුත් තවමත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ආසන දිස්ත්‍රික් පළාත් බල මණ්ඩල හදා පොරොන්දුු පිට පොරොන්දු දී උපාධිධාරීන් පාවිච්චි කර ඡන්ද ප්‍රමාණය වැඩි කර ජය ගත්තත් අද මොවුන් හැමෝම උපාධිධාරීන් මගහැර ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා රජයත් ජනාධිපතිවරයාත් රැකියා නොදෙන්නේ IMF එකට බියෙන්ද කියා සැකයක් ඇති බවත් පැවසීය.

පසුගිය ආණ්ඩුව මෙන්ම මේ රජයත් IMF එකට බය වී තරුණ පරම්පරාවේ හීන විනාශ කරණ බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් යනු දේශපාලන අතකොලු නොව උගත් බුද්ධිමත් සම්පතක් බවත් මොවුන්ව තවදුරටත් රැවටීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙම උපාධිධාරීන් ට නිසි පුහුණව ලබා දි රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගත හැකි වුවත් එය නොකළ බවත් දැන්වත් මොවුන් බඳවා ගෙන ලොවට ඔබින පුහුණුවක් ලබා දී අත්‍යාවශ්‍ය ක්ෂේ්‍ත්‍රවලට යොමු කළ යුතු බවත් මේ සටකපට දේශපාලන ක්‍රමය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මොවුන්ගේ ගැටලුවලට තිරසර විසඳුමක් දියයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...