කළුරංජි අයියා ….

Date:

නුග ගහක් බෝ ගහක් නොවී
අඹ ගහක් වූ මිනිහෙක් එයා…
පෙන්වූයෙ ඔහුයි මට නම්
කළුපාට කොච්චර හැඩදැ’යි කියා…

අදත් මට කිව්වෙ මෙච්චරයි
“අමාරුම තව ඉදිරියට – හයියට හිටපං පුතා…”
දැනට හැත්තෑ හතක් වයසයි
මට වඩා හයියයි එයා…

ඒත් – බොරු කියන්නේ මොකටද…?

මහ ගස් ඇද වැටෙන විට ඉඳහිට
මට බය හිතෙනවා – ගැන එයා
බැන බැන මටත් – ඔන්න ආයෙත්
Resurrection ම කියවනවා…

‘හැත්තැ එක’ – නව කතාවක් නම්,
මං කැමති චරිතය එයා…
චිත්‍රපටියක් නම් ඒක –
හොඳම – සහය නළුවා එයා…

  • සුරේඛා සමරසේන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...