උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවද්දී දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු යුරෝපය පුරා පැතිර යන අධික තාප තරංගය හේතුවෙන් මේ වන විට ලැවුගිනි අවධානම ඉහල ගොස් තිබේ.

ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (104F)ඉක්මවිමත් සමඟ රතු තාප අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.

උෂ්ණත්වය හේතුවෙන් මේවන විට තිදෙනෙකු මිය ගොස් ඇති අතර, එමඟින් දහස් ගණනක් ජනතාව තම නිවෙස්වලින් ඉවත් වීමට ද සිදුව ඇත.

ස්පාඤ්ඤයේ කාලගුණ සේවය වන ඒමෙට් නිවේදනය කර තිබුණේ, සෙවිල් සහ කෝර්ඩෝබා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 (111.2F) දක්වා ළඟා විය හැකි අතර දකුණු පෘතුගාලය ද සෙල්සියස් අංශක 44 ඉක්මවිය හැකි බවයි,

රට පුරා ඇති වන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සොල්දාදුවන් 1,000 ක් පමණ යොදවා ඇති අතර ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් පවතින තත්වය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, අප ලැව් ගිනි ඉහළයාමේ දැඩි අවදානමක සිටිමු. කරුණාකර ඉතා ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බවයි.

පෘතුගාලයේ ද ප්‍රධාන වශයෙන් ලැවුගිනි තුනක් ක්‍රියාත්මක වන අතර ඒ වෙනුවෙන් ගිනි නිවන භටයින් 1,300 කට වැඩි පිරිසක් සහ ගුවන් යානා 14 ක් යොදවා ඇත.

ඉතාලියේ ද තාප ආඝාතය හේතුවෙන් එක් දරුවෙකු මියගොස් ඇති අතර උෂ්ණත්වය 40C දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විට රෝමය, මිලාන් සහ ෆ්ලෝරන්ස් ඇතුළු අවම වශයෙන් ඉතාලි නගර 10 ක් සඳහා රතු තාප අනතුරු ඇත.

ප්‍රංශයෙන් හතරෙන් තුනක් පමණ තාප අනතුරු ඇඟවීම් යටතේ පවතින අතර, පැරිස් කලාපයේ උෂ්ණත්වය 36C දක්වාත් රෝන් නිම්නයේ 40C දක්වාත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ග්‍රීසිය රට පුරා ලැව්ගිනි 150කට අධික සංඛ්‍යාවක් සමඟ පොරබදමින් සිටින අතර, එය දැඩි සුළං හේතුවෙන් උග්‍ර වී ඇති අතර, ගිනි නිවන භටයින් 5,000කට ආසන්න සංඛ්‍යාවක් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක්ද යොදවා ඇත.

එක්සත් රාජධානියේ සියලුම ප්‍රදේශ වලට කහ තාප තරඟ නිකුත්කර ඇති අතර ගෝලීය උණුසුම මධ්‍යධරණී ගිම්හානය, උණුසුම් හා වියලි බවට පත් කරන බවත්, දිගු හා වඩාත් තීව්‍ර ගිනි සෘතු ඇති කරන බවත් විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ දී විරේන් සහ ආශිංසන තෙවන වටයට

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන්...

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ...

ජවිපෙ ජනාධිපති පත්වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා බලයට පත්ව...