හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනයේ සුල මුල එළියට !

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW:

ඊයේ (13) දහවල් ඝාතනයට ලක් වූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

හංවැල්ලේ ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මෙම පුද්ගලයා අදාල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිට බවට ද වාර්තා පළ වේ.

ඝාතනයට ලක් වූ ශාන්ත මුදුන්කොටුව මහතා, “බනා” යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන බවට පැවසේ..

ඔහු “හෝමාගම හඳයා” නැමති තවත් මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටද වාර්තා වන අතර, ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා සහ හෝමාගම හඳයා අතර පවතින ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතා මීගොඩ ප්‍රදේශයේදී ඊයේ දහවල් වෙඩි තබා ඝාතනය කෙරුණේ , ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වන අතර, ඔහු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය විය.

පසුව ඝාතනය සිදුවී සුළු වේලාවකින් වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත් විය.

ඝාතනය සඳහා යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ. 46 හැවිරිදි ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ සර්ව ජන බලය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බවටද තොරතුරු වාර්තා වේ .

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවටද පොලිසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...