හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනයේ සුල මුල එළියට !

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW:

ඊයේ (13) දහවල් ඝාතනයට ලක් වූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

හංවැල්ලේ ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මෙම පුද්ගලයා අදාල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිට බවට ද වාර්තා පළ වේ.

ඝාතනයට ලක් වූ ශාන්ත මුදුන්කොටුව මහතා, “බනා” යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන බවට පැවසේ..

ඔහු “හෝමාගම හඳයා” නැමති තවත් මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටද වාර්තා වන අතර, ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා සහ හෝමාගම හඳයා අතර පවතින ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතා මීගොඩ ප්‍රදේශයේදී ඊයේ දහවල් වෙඩි තබා ඝාතනය කෙරුණේ , ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වන අතර, ඔහු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය විය.

පසුව ඝාතනය සිදුවී සුළු වේලාවකින් වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත් විය.

ඝාතනය සඳහා යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ. 46 හැවිරිදි ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ සර්ව ජන බලය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බවටද තොරතුරු වාර්තා වේ .

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවටද පොලිසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...