අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW:


2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වේ.

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගයක් නිකුත් කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටි රැඳවියකුට ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව තවදුරටත් එම රෝහලේ රඳවා තැබීම සඳහා මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බව සඳහන් කළා. ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් මෙම සැකකරු විසින් ලබාගෙන ඇති අතර එම මුදල සැකකරුගේ බැංකු ගිණුමට බැරවී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් කියා සිට ඇත.

. මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාතාල කල්ලි නායකයකු බව කියන “ආමි අසංක” නමැත්තාගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළා. අදාල රැඳවියා බන්දනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මෙම සැකකාර වෛද්‍යවරයා විසින් ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට නිර්දේශ කර තිබෙන බව සඳහන් කළ බව පැවසේ.

අදාල රැඳවියා ජංගම දුරකථන කීපයක් සන්තකයේ තබාගන සිටි බවත් ඒ තුළින් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ බවත් නීතිඥවරයා පැවසුවා. ඒ අනුව ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව අදාල රැඳවියා තවදුරටත් රෝහලේ රඳවා නොගැනීමට මෙම සැකකාර වෛද්‍යවරයා විසින් තීරණය කිරීම හේතුවෙන් ඔහුගේ බැංකු ගිණුමට මෙම මුදල තැන්පත් කර මෙම පැමිණිල්ල සිදු කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළ බව පැවසේ. මේ පිළිබඳව සැකකාර වෛද්‍යවරයා තම බැංකුව දැනුවත් කළ බවත් ඔහු වාහන විකිණීම සහ මිලදී ගැනීම සිදුකරන අයකු බැවින් ඔහුගේ බැංකු ගිණුමට නිතරම මුදල් තැන්පත් වෙමින් තිබූ බවත් නීතිඥවරයා සඳහන් කර සිටි බව සඳහන්වේ.

සැකකාර වෛද්‍යවරයා අල්ලස් වශයෙන් අදාළ මුදල ලබාගෙන තිබුණ නම් අදාල රැඳවියාව රෝහලෙන් නිදහස් නොකර එහි තව දුරටත් රඳවා ගැනීමට කටයුතු කර තිබෙනු ඇති බවත් නීතිඥවරයා පෙන්වා දී ඇති අතර, ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හෙයින් සැකකරු ඇප මත මුදාහරිණ ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි ඇත්තේ,

නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අදාළ සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...