අපට තදබල විවේචන ඇත.ඒ එස්බී දිසානායක සමය සම්බන්ධයෙන්ය.අප ඒ ගැන ලියූ දේ අදටද වලංගුය.නමුත් ආපසු හැරී බලන කළ එස්බී දිසානායක සමය මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ සඳහා යාමට අවශ්‍යය මාවත සකස් කළ අවදිය විය.එස්බීගේ සම්ප්‍රාප්තිය එන විට ඒ සඳහා හොඳ පූර්වාදර්ශයක් දෙමින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 91 දකුණු ආසියාතික තරගවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් විශාල සේවයක් කර තිබිණ.
ප්‍රේමදාසගේ සිට එස්බී ගේ සමය දක්වා පරිච්ඡේද දෙකම අසුවන සේ යම් අනුග්‍රහ ලැබීමේ භාග්‍යය ශ්‍රී ලංකා මලල ක්‍රර්‍ඩාවේ ලද දෙදෙනා ශ්‍රියාණි කුලවංශ සහ දමයන්ති දර්ශා ය.ඇතැම් විටෙක ඔවුන්ගේ ගම්වල පොදු අඩුපාඩු කම් පවා ප්‍රේමදාස සමයේ දී නිවැරදි විණි.ලංකාවේ මලල ක්‍රීඩාවේ වඩාත් ආදරය කළ අවදිය වූ දර්ශා,සුසන්තිකා,ශ්‍රියාණි සහ සුගත්ගේ අවදිය ගත් විට එස්බී,ප්‍රේමදාස පරිච්ඡේද දෙකටම අදාළ වූ චරිත වන්නට සුගත්ට සහ සුසන්තිකාට නොහැකි විය.
නමුත් ලංකාවේ මෑත කාලීන මලල ක්‍රීඩාව ජන හදවත්වල ආකර්ශීණීය තත්ත්වයකට ගෙන ඒම සම්බන්ධයෙන් මේ සිව් දෙනාට වැදගත් තැනක් හිමි විය.එසේම ඒ සිව් දෙනාට ජයග්‍රහණයේ ඉදිරිය දැක ඔවුන් සුරක්ෂිත කිරීම සහ දිරි ගැන්වීම පිණිස ලැබුණ අවස්ථාවන් ඉන් පසුවට කරගෙන යාමට ජාතිකමය වශයෙන් ක්‍රීඩාවට නායකත්වය දුන් දේශපාලන අධිකාරිය හෝ මලල ක්‍රිඩා සංගමය හෝ අසමත් විය.විශේෂයෙන් පෞද්ගලික අංශයේ ආකර්ශණය දිනා දෙන්නට ඉන් පසුව දෙයක් සිදු නොවිණ.
මේ සිව් දෙනා අතරින් සුගත් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට පත් විය.ඔහු සභාපති පදවියේ සිටියදී මලල ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂි වූ වැඩ සටහනකට ජාත්‍යන්තරයෙන් ආධාර උපකාර අනුමත කර ගන්නට සමත් විය.ඒ සඳහා වතමන් ලේකම් සමන් කුමාර ගුණවර්ධන ද විශාල දායකත්වයක් දැක්වීය.ඒ හෙල්ල වීසි කිරීමේ ඉසව්ව රටේහි ප්‍රවර්ධණය කිරීමය.නමුත් එය ඉන් පසුව පැවති පාලනය විසින් ක්‍රියාවට නොනැඟුවේය.ශ්‍රි ලංකාව දකුණු ආසියාතික කළාපයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ යම් ආධිපත්‍යයක් පෙන් වුව ද,එය දියුණු කර ගැනීමට ලද අනුග්‍රහයට පයින් ගැසීමෙන් පසු අද ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාව අභිබවා යමින් ඇත.සුගත් ඊට අමතරව කලක් පුහුණුකරුවෙක් ලෙස යම් ආකාරයකට වෘත්තිමය ප්‍රවේශයක් පෙන් වුව ද අද වන නිට එය උපකාර උපදේශ මට්ටමෙන් ක්‍රීඩාව වෙනුවෙන් දායාද කරමින් සිටින අතර නැවත පරිපාලනයට පැමිණීම තදින්ම ප්‍රතික්ෂේප කරන්නේය.
ඉන් අනතුරුව පරිපාලනයට පැමිණියේ දමයන්ති දර්ශාය.අය උප සභාපතිණියක විය.කාන්තා මලල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම ඇයට පැවරිණි.ඇය ඒ වන විටද අද ඕසට්‍රේලියාව දක්වා විහිද තිබෙන ස්ප්‍රින්ට් ඇකඩමිය හරහා පුහුණු කටයුතුවලද නියැලුණාය.නමුත් ජාත්‍යන්තර වශයෙන් රටට කීර්තියක් ගෙන ආ ක්‍රීඩිකාවක් ලෙස වෘත්තීය වශයෙන් මලල ක්‍රීඩා සංගම් නිලධාරිණියකට පුහුණුවීම්වල නියැලෙන්නට නොහැකි වුව ද,පරිපාලනය එම තත්ත්වය නොසළකා හැරියේය.
දර්ශා එසේම අප ඉහත සඳහන් කරන ලද පරමාදර්ශි චරිත අතරින් වඩාත් ආකර්ශණීය රැකියාවේ හිමිකාරීත්වයද ලැබුවාය.ඒ ඩයන් ගෝමස්ගේ ආශිර්වාද ඇතුව මාස් පවුලෙන් ය.ඒ නිසා ඇයගේ වෘත්තීය ජීවිතයද අන් ක්‍රිඩකයන් හා සසඳද්දී සශ්‍රීක එකක් විය.ඒ අනුව බලන කළ ක්‍රීඩාව නිසා වැඩිම අවස්ථාවක් ලද්දී මලල ක්‍රීඩාවෙන්නම් දමයන්ති දර්ශාය.එසේම ඇය 2006 දී ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු ආසියාතික තරග සඳහා නම් කර තිබියදී අාබාධ තත්ත්වය මත තරගයෙන් ඉවත් වුව ද,සංචිතයේ සිටිමින් යම් යම් අනුග්‍රහ ලැබීම ගැන ලෙස සමහර පිරිස් ගුණමකු ලෙස ඇයව විවේචනයට ලක් කළේය.රටට ගෙන දුන් කීර්තිය හා සසඳන කළ එය නොකළ යුතුව තිබුණ විවේචනයක් බව එඒ ගැන අපේ අදහස විය.
නමුත් පරිපාලනයේදී දර්ශා කාන්තා මලල ක්‍රීඩාව වෙනුවෙන් යම් සැළසුමක් ඉදිරිපත් කරන බවක් අපි නොදුටුවෙමු.එසේම ඇය උප සභාපතිණිය ලෙස ඇයට දායක වන්නට ලැබුණු සෘජු අවස්ථා ගණනාවක්ම ප්‍රතික්ෂේප කළ බව ද අපි දනිමු.2021 කෙන්යාවේ පැවති කණිෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලියට ඇයට කළමණාකාරිනිය ලෙස එක් වන්නට කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ඉන් එකකි.එම වසරේම ඉන්දියානු අන්තර් ප්‍රාන්ත තරගාවලියේ කළමණාකාරිය වන්නට දුන් අවස්ථාවද දර්ශා ප්‍රතික්ෂේප කළාය.ඇය මාස දෙකක් පමණ කොරියාවේ පැවති කණිෂ්ඨ තරගාවලියේ කළමණාකාරිය ලෙස යම් වැඩ කොටසක නියැලෙමින් සිටි අතර පසුව මාස දෙකකට පමණ පසුව එය ද අත හැර දැමුවාය.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා පරිපාලනය ගැන එකඟ නොවන බොහෝ දේ ඇතත් දර්ශා සිය කීර්තිය සහ හැකියාව භාවිතයට ගැනීමට ලැබුණ අවස්ථාවන් හී ක්‍රියාත්මක නොවී ඔවුන් නොසළකා හැරීම සම්බන්ධයෙන් ඕසට්‍රේලියාවේ සිට පවසන කතාවන් යම් ආකාරයකින් තාර්කික නැත.එසේම ඇය පවසන්නේ අද ක්‍රීඩිකාවක් ක්‍රීඩකයෙක් ජය ගැනීමෙන් පසුව ඔවුන්ට ලැබෙන පිළිගැනීම් දිරි ගැන්වීම් තමන්ට නොලැබුණ බවය.ඇත්ත ඊට වඩා වෙනස් නොවේද?
දර්ශලාගේ සමයේ විද්‍යුත් මාධ්‍ය නොතිබිණ.සමාජ මාධ්‍ය නොතිබිණ.ඒ නිසා ප්‍රවෘතිත්මය වශයෙන් වාර්තා කිරීම් සහ ජයග්‍රහණ ජනතාව වෙත පැතිර යාමේ සහ අදහස් දැක්වීමේ අඩුවක් තිබෙන්නට ඇත.ඒ කාලීන දියුණුව සම්බන්ධයෙන් සමාජමය වශයෙන් ඇති වන තත්ත්වයකි.නමුත් දර්ශලාට ඇති වූ සමාජමය පිළිගැනීම,වානිජමය වටිනාකම් වර්ථමානයට නොලැබෙයි.දර්ශලාගේ සමයෙන් ඇති වූ ජනප්‍රියත්වය නිසා අද ද මිනිසුන් වර්ථමාන දරුවන්ගේ ජයග්‍රහණ නාමකරණය කරන්නේ දර්ශලාගේ සමයක්,සුසන්තිකාලාගේ සමයක් නැත්නම් සුගත්ලාගේ සමයක් නැවත බිහි වෙමින් පවතින බවය.ඒ ගෞරවය තමන් තුළ තියා ගැනීම පසෙකලා දර්ශා වැන්නියක් වර්ථමානයේ දරුවන්ට ලැබෙන පිළිගැනීම තමන්ට නොලැබෙන බව කීම විහිළුවක් මෙන්ම තමන් උපයාගත් කීර්තිය සහ ගෞරවය සූදුවකට යොදා ගැනීමක් ද වේ.
අද දර්ශා වැන්නියන් මේ රටේ දේශපාලන බලධාරීත්වයට පැවසිය යුත්තේ රජයේද මැදිහත් වීම සහිතව තමන්ට සිය ජනප්‍රියත්වය වානිජමය වශයෙන් උපයන්නට අවශ්‍යය මාවත් බවට පත් කළ ආකරය ය.උදාහරණයකට දර්ශා එදා මිලියනයක් ඉක්මවූ මුදලකට පෙනී සිටි වෙළද දැන්වීමක් සඳහා අද දවසේ ක්‍රීඩිකාවකට අවස්ථාව හිමිකර දෙන්න දේශාපාලන බලධාරීන් පෞද්ගලික අංශය සමඟ ගනු දෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් දැක්වීමටත් දර්ශාට හැකියාව ඇත.
දර්ශා පාසල් අවධියේ
කාලය විසින් මේ රටේ ජනතාව මත පටවා තිබෙන පීඩනය භෞතික වශයෙන් එදා මිල සහ අද මිල අතර රුපියලේ බාල්දුව පදනම් කරගෙන ඇති කර තිබෙන තත්ත්වය දර්ශා වැනි අධ්‍යාපන මට්ටමක් ඇති තැනත්තියකට අමුතුවෙන් පැවසිය යුතු නැත.එවැනි වට පිටාවක අද ක්‍රිඩකයෙක්ට ලැබිය යුත්තේ තමන්ට ලැබුණ ආකාරයේ තුන් ගුණයක පමණ මුදලක් විය යුතු බව ද ඒ අනුව තේරුම් ගැනීම අපහසු නැත.
උදාහරණයකට ගෙවල් ලැබුණ දර්ශලාගේ කාලය නියෝජනය අද වන විට එවැනි ජයග්‍රහණ සහිත මාවතක යා හැකියි යනුවෙන් විශ්වාසය තබන ක්‍රීඩිකාවක හැටියට සැළකිය හැකි තරුෂි කරුණාරත්න හා සංසන්දනය කර බලමු.ඇය සිය නිවස විකිණීමට සොයමින් සිටියි.හේතුව දැනටත් ඇය එම නිවසෙන් නික්ම පුහුණුව සඳහා දිගන ප්‍රදේශයේ කුලී නිවසකට ගාල් වී සිටින නිසාය.තාත්තා ගමේ ගෙදරය.ඒවා කුලියට දෙන්නට තරම් වානිජ වටිනාකමක් ඇති ප්‍රදේශ ද නොවන නිසා තමන්ටම කියා දිගන ආසන්නයෙන් නිවසක් ලබා ගැනීම දුෂ්කර වී ඇත.
අරුණ දර්ශණ අතින් වියදම් කරගෙන ජපානයට ගොස් දක්වන ලද දස්කම් හරහා ලෝක සූරතා තරගාවලියට සහභාගි වීමේ වරම් ලබා ගනිද්දී ඔහුට සිය කන්තලේ නිවසේ අම්මාගේ හිත හදන්නට බිත්ති ටික බැද ගේ කපරාදු කර දෙන්නට හැකියාවක් නැත.දර්ශලා එවැනි ඛේදවාචකයට මුහුණ දුන්නේ නැත.ඉතිං අද එදාට වැඩිය සැළකුම් ලබන බව කීම දර්ශලාගේ තත්ත්වය පහත දමා ගැනීමකි.එසේම අද ද යම් දෙයක් මලල ක්‍රීඩාව වෙනුවෙන් සමාජයට ලැබෙන්නේ එදා ඔවුන් දැක් වූ දස්කම් මත නිර්මාණය වූ සමාජය නිසාය.නමුත් අඩුම තරමේ දර්ශලාගේ සමය නිමා වීමත් සමඟම ඒ ජයග්‍රාහී තත්ත්වය ඉදිරියට ගෙන යාමට සම්බන්ධ වෙමින් දර්ශලාගේ ගමණේම යම් සමකාලීනත්වයක් දැරූ රොහාන් ප්‍රදිප් කුමාර,ප්‍රසන්න අමරසේකර,රංග විමලවංශ,මංජුල කුමාර වැනි ක්‍රීඩකයින් පවා දර්ශලා තරම් ප්‍රශස්ත ආකාරයට ඇගයීමට ලක් වුණේ නැත.ඒ නිසා ඔවුන්ට සිය ප්‍රතිරූපය සමාජය ඉදිරියේ රැක ගන්නට සහ ආර්ථික පෞරුෂය නඩත්තු කරන්නට ක්‍රියා කරන්නට ගොස් පෞද්ගලික වශයෙන් ජීවිතය පුරාවට මකා ගන්නට නොහැකි තරමේ පැල්ලම් ඇති කර ගැනීමට ද සිදු විය.
අද තරමක් වෙනස් ජයග්‍රහණ එන තත්ත්වයක් උදා වී ඇත.ඒවා හරියට නඩත්තු කළහොත් කාලයක් රැකගෙන ශ්‍රී ලංකාව ඉදිරියට තල්ලු කළ හැකි ජයග්‍රහණ කර ගැනීමට ද හැකිය.යොවුන්,කණිෂ්ඨ සහ ජ්‍යෙෂෟඨ සේ අංශ තුනෙන්ම ජයග්‍රහණ ලැබෙන මේ මොහොතේ වැඩ පිළිවෙල සැකසිය යුත්තේ අලුත් පරම්පරාව ඉදිරියට තල්ලු කරන්නටය.එක අවධියක පරමාදර්ශ තවත් අවධියකට සේන්දු වෙන්නේ ඊට ආසන්න මොහොතක නොවේය.මේ මතුවෙමින් තිබෙන්නේ දර්ශලාගේ ඊ ළඟ පරිච්ඡේදයය.අද ද දර්ශා දකින්නට නැති වුව ද සුගත් වැනි ක්‍රීඩකයින් ඒ ආදර්ශය තමන්ව වර්ධනය කළ අනුර බණ්ඩාර යටතේ අද ජාත්‍යන්තර සිහින දකින අයෝමාල්ට ධනුකට සපයමින් සිටියි.විය යුත්තේ එය බව අපේ විශ්වාසය ය.ගමෙන් ගම දිනා යන ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට මලක් වීසි කරන්නට දහස් ගණනින් මිනිස්සු රැස් වෙන සංස්කෘතියක් ඇති වන්නේ නම් දර්ශලා දිනපු මොහොතේ දී දකින්නට නොලැබුණ ද,අද එවැනි දේ වැඩෙමින් තිබෙනු දකින්නේ දර්ශාලගේ මතක විසින් කූද්දන ජයග්‍රහණ පිපාසාව බව තේරුම් ගැනීම වැදගත්ය.
දර්ශාගේ ප්‍රකාශයක් සටහනට තුඩු දුන් නිසා ඇය ඉලක්ක වුව ද මේ ඒ සමයේ සිට මේ දක්වා මේ රටට කීර්තියක් ගෙනා සියල්ලන්ටම අදාළය.අද එදාට වඩා හඬ ඇසෙන මාධ්‍ය වැඩිය.එසේ නොවන්නට ජයග්‍රහණවලින් රටකට ඇතිවන හැඟීම්වල බර සමානය.ක්‍රිඩාවට ක්‍රීඩකයන්ට මිනිසුන් තුළ උපදින ආදරය කිසිඳු ලාභයක් පෞද්ගලික අපේක්ෂාවක් ඇතිව දේශපාලකයා වෙත යොමු කරන අන්දමේ කිළිට එකක් නොවේය.එය පවිත්‍රය.ක්‍රිඩකායට එය කිළිට කර නොගැනීමේ සංයමයක් අවශ්‍යය වන්නේය.
හැකිනම් අදත් දර්ශාලාගේ පරම්පරාවට සිය කීර්තිය යොදවා යමක් කළ හැකිය.හෙට දවස දිනන්නට මග කියන ආධාර වැඩ පිළිවෙලක් සකසා දීමට හැකිනම් එය අතිශයින් වැදගත්ය.ලෝකයේ වීරයෝ වූ මිනිස්සු අද දවස පෝෂණය කරන්නට දායක වනු විනා අද ලැබෙන දේ එදා නොලැබුණ බව කියා පසුතැවෙන්නේ නැත.දවසින් දවස ලෝකය ඉදිරියට යාම සහ පහසුකම් පොහොසත් වීම ස්වභාව ධර්මයේම නියමයකි.ඒ ලෝකය පෙරට තල්ලු කරන්නට තමන් දායක වූ බව සිතීම හැරෙන්නට ඉදිරියෙන් පේන ලෝකය ද තමන්ගේ නොවේයැයි සිතීම තමන් තමන්ව සහ ලෝකය නිවැරදිව කියවා නොගැනීම නිසා ඇති වන ගැටළුවකි.
සටහන – නිෂ්මං රණසිංහ