සජිත්ට සහාය දෙන්න තවත් දේශපාලන පක්ෂ 27ක් එකතු වෙයි !

0
307

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් තවත් දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග එක්ව තිබේ.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (13) කොළඹදී සිදුකෙරිණි.

මෙසේ සමගි ජන සන්ධානය සමග එක්වී ඇත්තේ මානුෂීය ජනතා සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ, එක්සත් ලංකා ජනහද පක්ෂය, ප්‍රගතිශීලී නව වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 27 කි.