ලෙස්ට්ලේ පිළිගන්න 30000 ක ජන ඟඟක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 14, (LNW) කොළඹ :

ඔලිම්පික් ක්‍රීඩාවක් පවතින රටකට,සිය රටේ ක්‍රීඩකයෙක් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒම අපූරු ආස්වාදයකි.එවැනි ඔලිම්පික් පදක්කමක් සඳහා රටවල් නියම කරන මිල ද සුළු නැත.ඒ ආකාරයට මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 200 රන් පදක්කම දිනූ ලෙස්ට්ලේ ටෙබොගෝ සිය රටට සම්ප්‍රාප්ත වන විට බොට්ස්වානා ජාතික ක්‍රීඩාංගණය තිස් දහසකට අධික ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණ.ඒ රන් පදක්කම බොට්ස්වානා සතු වූ පළමු ඔලිම්පික් පදක්කම වීම නිසා විසි හතර ලක්ෂය ඉක්මවා මදක් වූ බොට්ස්වානා වැසියන්ට එය අපූරු ආස්වාදයක් ගෙන දුන්නේය.


සිය මව් රටට ගෙන දුන් කීර්තිය වෙනුවෙන් බොට්ස්වාස්නා හී බොහෝ ව්‍යාපාරික සමාගම් මේ වන විටත් ලෙස්ට්ලේ ඇගයීමට ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වි ඇත.වයස 21 ක් වන මේ තරුණ බොට්ස්වානා හාදයාට මේ වන විට පිරිනැමුණු නිල ත්‍යාග අතර කාමර හතරක නිවසක් වේ.එසේම ඇමෙරිකානු ඩොලර් 75000 ක ත්‍යාල මුදලක් ද ඔහුට හිමි වීමට නියමිතය.මීටර් 100 සහ 200 අවසන් තරග ද්විත්වයම නියෝජනය කිරිමට සුදුසුකම් ලැබිම සම්බන්ධයෙන් ඔහුට හිමිවන ත්‍යාග මුදල ඩොලර් 3600 කි.


ඔලිම්පික් ඉතිහාසයේ තත්පර 10 ට අඩුවෙන් සියළුම තරගකරුවන් ඉසව්ව නිමා කළ මෙවර පිරිමි මීටර් 100 ඉසව්වේ හයවන තැන ලෙස්ට්ලේ ට හිමි වුව ද,ඔහු වාර්තා කළ තත්පර 9.86 ක කාලය බොට්ස්වානා ජාතික වාර්තාවක් විය.ඔහු අප්‍රිකානු රටකින් ඉදිරිපත්ව මීටර් 200 ඉසව්ව ජයගත් පළමු වැන්නා බවට ද පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...