ලෙස්ට්ලේ පිළිගන්න 30000 ක ජන ඟඟක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 14, (LNW) කොළඹ :

ඔලිම්පික් ක්‍රීඩාවක් පවතින රටකට,සිය රටේ ක්‍රීඩකයෙක් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒම අපූරු ආස්වාදයකි.එවැනි ඔලිම්පික් පදක්කමක් සඳහා රටවල් නියම කරන මිල ද සුළු නැත.ඒ ආකාරයට මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 200 රන් පදක්කම දිනූ ලෙස්ට්ලේ ටෙබොගෝ සිය රටට සම්ප්‍රාප්ත වන විට බොට්ස්වානා ජාතික ක්‍රීඩාංගණය තිස් දහසකට අධික ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණ.ඒ රන් පදක්කම බොට්ස්වානා සතු වූ පළමු ඔලිම්පික් පදක්කම වීම නිසා විසි හතර ලක්ෂය ඉක්මවා මදක් වූ බොට්ස්වානා වැසියන්ට එය අපූරු ආස්වාදයක් ගෙන දුන්නේය.


සිය මව් රටට ගෙන දුන් කීර්තිය වෙනුවෙන් බොට්ස්වාස්නා හී බොහෝ ව්‍යාපාරික සමාගම් මේ වන විටත් ලෙස්ට්ලේ ඇගයීමට ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වි ඇත.වයස 21 ක් වන මේ තරුණ බොට්ස්වානා හාදයාට මේ වන විට පිරිනැමුණු නිල ත්‍යාග අතර කාමර හතරක නිවසක් වේ.එසේම ඇමෙරිකානු ඩොලර් 75000 ක ත්‍යාල මුදලක් ද ඔහුට හිමි වීමට නියමිතය.මීටර් 100 සහ 200 අවසන් තරග ද්විත්වයම නියෝජනය කිරිමට සුදුසුකම් ලැබිම සම්බන්ධයෙන් ඔහුට හිමිවන ත්‍යාග මුදල ඩොලර් 3600 කි.


ඔලිම්පික් ඉතිහාසයේ තත්පර 10 ට අඩුවෙන් සියළුම තරගකරුවන් ඉසව්ව නිමා කළ මෙවර පිරිමි මීටර් 100 ඉසව්වේ හයවන තැන ලෙස්ට්ලේ ට හිමි වුව ද,ඔහු වාර්තා කළ තත්පර 9.86 ක කාලය බොට්ස්වානා ජාතික වාර්තාවක් විය.ඔහු අප්‍රිකානු රටකින් ඉදිරිපත්ව මීටර් 200 ඉසව්ව ජයගත් පළමු වැන්නා බවට ද පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...