කොළඹ LNW:එළඹෙන සැප්තැමබර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු පසුගිය ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.
නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිතයි.
ආශිකා බ්‍රාහ්මණ