(PHOTOS):මෛත්‍රීගෙන් ගැලවුණු ශ්‍රීලනිපයයි,ලන්සාගේ නව සන්ධානයයි නැවතුණු තැන.රාජපක්ෂලා අතහැරි පොහොට්ටුවත් එයි!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,නව සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිට රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළකිරීමට එක්ව සිටින කණ්ඩයම ඇතුළු පාර්ශව අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධාන ගත විය.

මෙම නව සන්ධානයේ නිලධාරී මණ්ඩලයද පත්ව තිබෙන අතර ලෙස ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්ව තිබේ.

උත්සවාකාරයෙන් එය වෝර්ටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු අතර ඊට සුභ පැතීමටද පිරිස එක්ව සිටින ආකාරය දැක ගත හැකි විය.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළි දක්වනු ලැබීය. ”සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක්” ලෙස එහි තේමාව ලෙස දක්වා ඇත්තේ.දක්වා ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වනුවෙන් මෙම සන්ධානය ඉතා සක්‍රීයව සම්බන්ධ වනු ඇති.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/685/support%20for%20Ranil%20Wickremesinghe

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...