*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

මේ මැතිවරණයට අපි සියලු කැපකිරීම් කරන්න ඕනේ.මේ අපේ අවසන් අවස්ථාව – හිරුණිකා

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයට සියලුම කැපකිරීම් කළ යුතු වන අතර මෙය අවසන් අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය.

ඒ, අද (14) සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන්නයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදුකෙරුණේ.

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ගත් පසු වසර 10ක් ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ.

ඒ අනුව ජයග්‍රහණය තෙක් විශාල කැපකිරීමක් කිරීමට සිදුවන බව ඇය සඳහන් කරන ලදී.

”මේ දවස්වල හැමෝම කතාකරනවා මම මන්ත්‍රීකම ගන්නවද කියලා. මම දෙකට නැවිලා මන්ත්‍රීකම ඉල්ලගෙන යන්නේ නෑ. හරීන් කියලා තියෙනවා මම මන්ත්‍රීකම ඉල්ලුවා කියලා. ජීවිතේට එහෙම වෙන්නේ නෑ. මම ජීවිතේට මන්ත්‍රීකම ඉල්ලන්නේ නෑ.මට ඕක එපා. මම මන්ත්‍රීකමට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිනලා. රනිල්ට මම කතාකරලා නෑ. මට කිව්වා රනිල් ගාවට ගිහින් කතාකරන්න කියලා. රාජිත සේනාරත්න මහතා අපේ පවුලේ හොද යහලුවෙක්. මම රාජිත සේනාරත්න මහතාට කිව්වා එතුමාගේ දේශපාලන තීන්දුව එක්ක මම නෑ කියලා. රනිල් පෝලිම් ඇතිකල මිනිස්සු එක්ක ලගින ගමන් මම පෝලිම් නැතිකලා කියනවා. පෝලිම් නැතිකළේ ජනතාව. ජනතාව තමයි තුන් ගුණයක් බදු ගෙවන්නේ. අපි හැමෝටම සමාන ආකාරයට ආර්තිකයක් ආර්ථිකයක් ගේනවා. පොඩි මනුස්සයට සලකන ගමන් ආර්ථිකයත් සමානව කරගෙන යනවා. ජාත්‍යන්තර සංවිධාන විශ්වාස කරන නායකයෙක් සහ කණ්ඩායමක් අපිට ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහා කරන්නේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ මහ ලේකම්කමට. එයා රටවල් ගානේ ගියේ ඒකට ජන්ද එකතුකරන්න.” යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan