සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක් අක්‍රීය වී මාස 4ක් වුවත් අලුත්වැඩියා කර නොමැති බවත් දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය ද අවිනිශ්චිත බවත් නිෂ්පාදන අංශයේ රික්ත උදුන් 4න් 2ක් ඉවත් කිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවත් යන්ත්‍ර සූත්‍ර අක්‍රීය වූ පසු ඒවා අලුත්වැඩියා කර භාවිතයට නොගන්නා බවත් මේ මොහොත වන විට නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් විකුණාගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවැනි තත්ත්වයක් තුළ සෙවනගල සහ පැල්වත්තේ සේවය කරන සියලු දෙනාම ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් දැනට ඇති එකම හඬ සමගි ජන බලවේගයේ හඬ බවත් වොයිස්කට් දේශපාලනය නොකර අවංකවම දුක කදුල වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන ඇති මුත් වත්මන් රජයට මේවා ඉදිරිපත් කරන විට ඒවා ගණන් නොගන්නා බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වත්මන් රජයට දැන් ගොවියාගේ කම්කරුවාගේ දුක කදුල වේදනාව නොතේරෙන බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට ඊයේ (අගෝස්තු 13) එහි ගිය අවස්ථාවේදී ය.

මේ වන විට සෙවනගල ගොවියන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත් අර්ථසාධක ලෙස රු. ලක්ෂ 150ක්, සැපයුම් කරුවන්ට රු. ලක්ෂ 1000ක් හා වැට් බදු රු. ලක්ෂ 4000ක් ගෙවිමට ඇති බවත් සේවකයන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහ ගොවි ජනතාව 4500ක් සිටින මුත් මේ අය ගැන අබමල් රේනුවක හැගීමක් රජයට නොමැති බවත් විෂය බාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිට බොරු කිය කිය පච දේශපාලනය නොකර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල සමග සෙවනගල සහ පැල්වත්තට විත් ඡංගම සේවාවක් පවත්වා මේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග පළාතා හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මේ ගැටලුවලට විසඳුම් දුන් බවත් ජනතාවගෙන් පැනලා නොගිය බවත් අද මේ ගොවියන්ගේ කම්කරුවන්ගේ දුක කදුල වේදනාව අහන්නට රජයේ කවුරුත් නොමැති බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා කර්මාන්තශාලාවේ සේවකයන්ගේ කම්කරු අයිතිය ගැන කතා කළ වත්මන් රජය බලයට පත් වූ විගස මේ සියල්ල අමතක කර ඇති බවත් කම්කරු ජනතාවට පීඩිත පන්තියට කිසිදු සැනසීමක් නොමැති බවත් හැකියාවක් නොමැති මේ රජය නිසා කම්කරුවන් අසරණ වී ඇති බවත් පැවසීය.

සෙවනගල මෙන්ම පැල්වත්තේ ද මේ ගැටලු ඇති බවත් අර්ථ සාධක නොගෙවීම, බැංකු ණය නොගෙවීම, ගොවීන්ට හා සැපයුම්කරුවන්ට මුදල් නිසි පරිදි නොගෙවීම සේවක වැටුප් නොගෙවීම ආදී ගැටලු රැසක්ද ඇති බවත් අද වන විට මේ කර්මාන්තශාලා අඩපණ වී කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිතයන්ගේ හමුව හෙට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන්නට...

මහින්ද සමරසිංහට මාලිමා ආණ්ඩුවේ ඉහළම තනතුරක් ?? ජාත්‍යන්තර බුද්ධි අංශත් විමසිල්ලෙන් !

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් දැනට සේවය කරන මහින්ද...

දිනන්නේ කොළ ද අළු ද තීරණය අද

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන...

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...