නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW:
ශ්‍රී ලංකාව එදා මෙදා තුර බිහිකළ වැඩිම ජාත්‍යන්තර අවධානයක් ලද මල්ලව පොර ක්‍රීඩිකාව නෙත්මි අහිංසායි.ඇයගේ මට්ටමට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක මේ දක්වා ලාංකේය පොළවෙන් නිර්මාණය වී නැති බව සත්‍යයකි.ඇයගේ පුහුණුකරු සුරංග කුමාර සිය ෆෙස් බුක් පිටුවේ තැබූ සටහනකින් ඉන්දීය මල්ලව පොර සූරී ගීතා පොගාට් ගැන මතකය අවදිවීමක් සිඳු වුණා.
එහිදී ගීතාගේ පුහුණුකරු වන මහවීර් සිං නම් වූ ඇයගේ පියා ගීතාගේ සහ බබීතා නම් වූ මල්ලව පොර සූරී ඇයගේ සහෝදරියගේ පෝෂණය වෙනුවෙන් සමීම් නම් ඉතාම සාමාන්‍ය කුකුල් මස් වෙළෙන්දෙකුගේ අනුග්‍රහය ලබා ගන්නවා.ඇයගේ ජයග්‍රහණ සමඟ එම ව්‍යාපාරිකයාට ද විශේෂ පිළිගැනීමක් ලැබෙනවා.එසේම ගීතාට ඉතාම අවංකව ඔහුගේ පවුලේම අය ආදරය කරන්නට පටන් ගන්නා අතර ව්‍යාපාරිකයාගේ දියණියගේ වීරවරිය බවට පත්වන්නේ ද ගීතා යි.
නමුත් මේ වන විට ගීතාගේ ආරම්භය පසු කර යම් දුරක් ගොස් සිටියද නෙත්මිව රටක වටිනාකමක් හැටියට භාර ගැනීම කෙරෙහි මැදිහත් විය යුතු පාර්ශව භාර ගන්නේ නැහැ.එවැනි වගකිවයුත්තන්ට පොහොසත් වැඩ පිළිවෙළක් ඇත්නම් එවැනි පොහොසත් හදවත් ඇති මිනිසුන් සිටින බවට කරන ඉඟියක් නිදසුනක් තමයි සුරංගගේ ෆේසුබුක් පිටුවේ සඳහන් වන්නේ.එම සටහන ද උපුටා ඡායාරූපයක් ලෙස මෙම සටහනට ඇතුළත් කරන අතර දංගල් හී සමීම් සිහිගන්වන සංජීව ප්රියනාත්නම් ව්‍යාපාරිකයා කරන මේ සත්කාර්ය වෙනුවෙන් දිය හැකි සහයෝගය ගැන හෝ රජය පැත්තෙන් සිතිය යුතු වෙනවා.
ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ක්‍රීඩාවට ආදරයෙන් අත දිගු කරන මිනිසුන් ගැන වගකීමෙන් බලන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලීම් එනතෙක් නොසිටිය යුතුයි.ඉල්ලාගෙන කිරි බොන්න වෙන දරුවන් වෙනුවට බඩගිණි දරුවන් දුටුවිට කිරි එරෙන තණපුඬු ඇති මව්වරුන්ගේ ආවේශය අපේ රටේ පාළකයන්ට ලැබිය යුතුව තිබෙනවා.හිටපු හෝ වත්මන හෝ එන්නට නියමිත යැයි කියන කිසිවෙකු හට එවැනි කිරෙන් බර වෙන තණ පුඩු වැනි හැඟීම් තිබෙන බවක් නොපෙනීම අවාසනාවක්.

එවැනි වටපිටාවක් රට රත්තරනින් දිනවිය හැකි දිරිය දියණියටත්,ඇගේ පුහුණු සගයන්ටත් එළවළු සුප් සඳහා නොමිලේ එළවළු සපයන සංජීව ප්‍රියනාත් සහ ඔහුගේ මාරවිල පිහිටි එස්පී ව්‍යාපාරය ගැන අප කිසිවක් නොදන්නේ නමුදු,සුරංගගේ සටහනට මේ ආකාරයට ප්‍රචාරයක් දීම වැදගත් බව තීරණය කළේ දංගල් හී සමීම් වන්නට දවසක සංජීවටත් අවස්ථාව උදා කර දෙන්නට නෙත්මිට හැකි වනු ඇතැයි හැඟෙක නිසයි.එදාට දේශපාලන නායකයන්,බිලියන් මිලියන් වීසි කරන ව්‍යාපාරිකයන් අතරේ සැඟවී නොයා සජිවගේ එළවළු සුප් රසයද එහි සුවඳ ද මෙරට ක්‍රීඩාලෝලී හදවත්වල රැඳෙන්නට මේ සටහන හේතු වේවා යන්න අපේ පැතුමය.
