විහාරදේවාලගම් පනතට සංශෝධනට!

Date:

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන බලාත්මක කිරීම කඩිනමින් සිදු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ශාසන විරෝධී චීවරධාරීන් සසුනෙන් නෙරපීම සම්බන්ධ වගන්තිය ඊට ඇතුළත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහනුවරට පැමිණි බුද්ධ ශාසන අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහ විහාරයේදි එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරතවූහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා විහාර දේවාලගම් ආඥා පනතේ 41 හා 42 වගන්ති වල සංශෝධනයක් සම්බන්ධව කාලයක් තිස්සේ කටයුතු කරමින් පවතින බව කීවේය.

එහි කටයුතු මේ වන විට අවසන් කොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉතා කෙටි කාලයකින් එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් ඒ ඒ පාර්ශනයන්හි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අදාළ නිකායට තීරණ ගත හැකි ලෙස එම පනත් සංශෝධනය කොට ඇතැයි ඔහු සඳහන් කළේය.

බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන ගණනක ආධාර සැපයුම් අවහිරයි:ආධාර කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවකගෙන් ඊශ්‍රායලයට චෝදනා!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ සාගතය...

දශක හතරකට පසු අලුත් වෙන පාර්ලිමේන්තුව!

කොළඹ LNW:දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...