Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

මිස් මාවල්: තවත් එක් සුපිරි වීරවරියක් ද, නැතිනම් යටත් විජිතයේ අමතක කළ පරිච්ඡේදයක ආවර්ජනයක් ද?

1996 අගෝස්තු මාසයේදී මාර්වල් ස්ටුඩියෝ (Marvel Studios) ආරම්භ කරන අතර එයින් බිහිවුණු මාර්වල් චිත්‍රපට රාශියකි. ඒ අතර මුල් වරට නම් දැරිය හැකි අයුරින් 2008 වර්ෂයේදී අයන් මෑන් (Iron Man) නිර්මාණය විය. එහි අයිතිය (Walt Disney) සමාගමට හිමි විය. ඉන්පසු අයන් මෑන් 2 (Iron Man 2), තෝර් (Thor), කැප්ටන් ඇමෙරිකා (Captain America), හල්ක් (Hulk), ස්පයිඩර් මෑන් (Spider Man), ඩොක්ටර් ස්ට්‍රේන්ජ් (Doctor Strange) ආදී මාර්වල් චිත්‍රපට නිර්මාණය වූ අතර පළමු ඇවෙන්ජර්ස් (Avengers) ක්‍රොස් ඕවර් චිත්‍රපටය එක 2012 දී එළිදක්වන ලදී.

මාර්වල් විශ්වයේ අලුත්ම මුහුණුවරක් ගන්නා මිස් මාර්වල් “Ms Marvel” එක් කුඩා වීරවරියකගේ කතාවකි. එයට පණ පොවන්නේ ඉමාන් වෙල්ලනී ය. කමලා කාන් එහෙමත් නැතිනම් මිස් මාර්වල් ඇමෙරිකානු ආභාසය ඇති පාකිස්තාන දැරියකි. ඇයගේ කතාව ඇයගේ මිත්තණිය විසින් ඇයට උරුම වූ මායා බලයක් ඇති බැන්ගලය (වළල්ල) මත ගොඩනැඟෙමින් තිබේ. මෙම කතාව බැලූ බැල්මට මාර්වල් ක්‍රියාන්විත චිත්‍රපටයක් වූවාට එහි ඇතුළත ගැබ්ව ඇති දේ ඊට වෙනස් මුහුණුවරක් ගන්නට සමත් වේ.

එනම් මෙම කතාමාලාවේ අධ්‍යක්ෂක එයින් සමාජගත කිරීමට උත්සාහ දරා ඇත්තේ පාකිස්තාන සමාජ පසුබිම පිළිබඳව බව එය නරඹන ඕනෑම අයෙකුට නැඟෙන පැණයකි. කතාව ආරම්භයේ සිටම මේ කමලා කාන් නව යෞවනියන වශයෙන් විවිධ තාඩන පීඩන වලට තම පාසලේදී ද මුහුණ දෙමින් සිටින අතර එයින් ද පෙනී යන්නේ යුරෝපීය සම්භවය සමඟ පාකිස්තාන සංස්කෘතිය ගැටෙන බව මුල සිටම ප්‍රේක්ෂකයාට දැනවීමට විය හැක.

කතාංග හයකින් සමන්විත මිස් මාර්වල් හි සංවේදී ස්ථාන සහ කම්පනයන් දනවන සිදුවීම් සියුම්ව නරඹන්නාට කාවැද්දවීමට සමත්ව ඇත. මෙහි එක් තැනක කමලා ගේ මිත්තණිය 1947 වර්ෂයේ දී ස්වාධීන ජාතීන් දෙකක් ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර වූ බෙදීම (partition) පිළිබඳ දැනුවත් කිරීමක් කරන ලදී. එමෙන්ම එකල ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය අවසානයේ සිදු වූ බෙදීම හේතුවෙන් යුද්ධයෙන් හා සාගතයෙන් පිටත ඉතිහාසයේ මිනිසුන් මිලියන 12 ක පමණ සරණාගතයන් බවට පත් වූ අතර ආගමික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මිනිසුන් 500,000 ත් මිලියනය ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙවැනි පසුබිම් කතානායිකාවට පෙන්වා දෙන්නේ ඇයට ඇයගේ බලය යෙදවීමට අඩිතාලමක් දැමීමටය.

1949 දී පාකිස්තාන කොටසක් බවට පත් වූ පන්ජාබ් ප්‍රදේශයේ සිට පැමිණි ශ්‍යාම් සහ සූරයියා විසින් ගයන තූ මේරා චාන්ද් ගීතය ද මෙහි පස් වන කොටසෙහි පෙන්වා කතාවට නැවතත් මුල පිරීමක් සිදු කරන අතර ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු සහ පකිස්තානයේ නිර්මාතෘ මුහම්මද් අලි ජින්නාගේ චිත්‍රපටයක් ද පෙන්වා එය බෙදීම සලකුණු කළ ප්‍රචණ්ඩත්වයේ දර්ශන සමඟ මැදිහත් කර ඇත.

මෙලෙස නිර්මාණශීලී ලෙස එවකට ඇති වූ සමාජ පසුබිම් නිරූපණය කරන මිස් මාර්වල් හුදෙක් සුපිරි වීරවරුන් හෙවත් සුපර් හීරෝලාගේ කතාවක් අභිබවා යමින් වාර්ගික අසමානතාවය, සහ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය පිළිබඳ මනා කියවීමක් දිගහරිනු ලබයි. මෙහිදී අයිශා සහ ඇගේ සැමියා වන හසන් ඔවුන් ගේ භූමිකාව මගින් මනාව මෙම අතීතාවර්ජනය සිදු කරයි. 1947 දී පකිස්තානයට එගොඩ වූ මිලියන සංඛ්‍යාත ජනතාව අතර කමලා ගේ මාතෘ පවුල ද සිටි බව අපට දැන ගැනීමට මෙහිදී හැකි වූ අතර අයිෂා සහ හසන් වෙන් වන්නේ කරච්චි බලා යන අවසන් දුම්රියට නැගීමට උත්සාහ කරන විටය. එය වේදනාකාරී ඉතිහාසය කි. කමලා ඈට දායාද වූ සුපිරි බලය හරහා ඒ වේදනාකාරී අතීතයම සියැසින් අත්විඳින අතර, මෙය අතීතයේ පමණක් නොව වර්තමානයේ ද රටවල් අතර පවතින සුලබ ප්‍රශ්නයක් බව මිස් මාවල් කතාමාලාව මැනවින් කියා පායි.

මිස් මාර්වල් තුළින් මෙලොව ගැබ්ව ඇති සමාජයීය පැණයන්ට කමලා හැඩ ගැසෙමින් ඒවාට මුහුණ දෙමින් නරඹන්නාට මාර්වල් සීමාවට එහා ගිය සමාජයීය කතිකාවතක් ගෙන හැර දැක්වීමට සමත් වෙයි. මෙය 2022 ජූනි 08 වන දින ඔබ හමුවට ආ මාර්වල් මිනි සීරීස් එකකි. මෙය වීරවරියක ගේ වීරක්‍රියා පෙන්වන කතාමාලාවක් පමණක් ම නොව එතනින් එහාට ගිය අමුතුම කතාවකි.

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.