වියත්මගත් දන්නවා පොහොට්ටුවත් එක්ක අනාගතයක් නෑ කියලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

දයාන් ජයතිලක මහතා පමණක් නොව මේ රටේ සියලුම විද්වතුන් ඉදිරිපත් කරන අදහස් උදහස්වලට ජාති ආගම් පක්ෂ කුළමල භේදයකින් තොරව සවන් දෙන බවත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂිම් සහ එරාන් වික්‍රමරත්න යන විද්වතුන් හොද ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩිව විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් දයාන් ජයතිලක මහතා සමඟ ඇති සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තරයේ ජයග්‍රහණය ලබා ගත් දයාන් ජයතිලක මහතා පොහොට්ටුවේ පුද්ගලයන් විසින් කොන් කළ බවත් මේ නිසා වියත්මගේ පවා සියයට 90ක් විද්වතුන් සමගි ජන බලවේගයේ සිටින බවත් පොහොට්ටුවත් එක්ක අනාගතයක් නොමැති බව වියත්මගත් දන්නා බවත් මොවුන්ගෙන් සැම උපදෙසක්ම ගන්නේ අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...