ප්‍රංශ ඔලිම්පික් උළෙලේදි ප්‍රවාහන පහසුකම් සැපයීමේදී ආබාධ සහිත ප්‍රජාව ගැන විශේෂ සැළකිල්ලක්

Date:

මිලියන 12 ක් ආබාධ සහිත ප්‍රජාවක් සිටින ප්‍රංශය 2024 ඔලිම්පික් උළෙලේ දී එම ප්‍රජාවට ක්‍රීඩා උළෙල විඳීමට ඇති ඉඩ කඩ ගැන වැඩි සැළකිල්ලක් යොමු කරමින් සිටින බව පෙනේ.ප්‍රංශ ජනාධිපතිවරයා ද සිය අලුත්ම ප්‍රතිපත්ති හරහා වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ අභිවෘද්ධිය පිණිස වන වැඩ සටහන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව දැක ගන්නට හැකි විය.
ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා මුඛයෙන් කතා කරන පංශ ප්‍රවාහන ඇමති ක්ලෙමන්ට් බියුන් පැවසුවේ පොදු ප්‍රවාහන සේවාවවන් භාවිතයට ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් සැකසීම මේ වන විටත් සාරථක බවය.එසේම මේ වන විටත් රෝද පුටුවලට ප්‍රවේශ විය හැකි කුලී රථ 1000 ක් දැනටමත් සේවයේ පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම කාබන් දහනයෙන් පරිසරයට ඇතිවන හානිය අවම කර ගැනීම ගැන ද ප්‍රංශය සිය අවධානය යොමු කර ඇති අතර මේ වන විට පාපැද් භාවිතා කරමින් ඔලිම්පික් තරග වෙත යොමු වීම සහතික කිරීමට කිලෝ මීටර් 420 ට වැඩි දුර පාපැදි මාර්ග ඉදි කර අවසන් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.


ප්‍රවාහනය ඔලිම්පික් වෙත ළ ගා විමේදී ගැටළුවක් විය හැකි බවට පැවති මතවාද ගැන දැන් බිය විය යුතු නැති බව පවසන ප්‍රංශ ප්‍රවාහන අමාත්‍යවරයා තවමත් විස දා ගත යුතු ප්‍රශ්න ඇති බවත්,ඒවා ක්‍රමිකව විසඳා ගත හැකි බවත් විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙනවා.එහි එක පියවරක් ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අලුතින් 500 දෙනෙකු සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන්නේ පොදු ප්‍රවාහනයේදී දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපල වල රැදී සිටීමේන් ඇති වන තද බදය දුරු කිරීම සඳහා අවශ්‍යය පියවර ගැනීමටයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...