දියණියට අතවර කළ පුද්ගලයකුට පහර දී  ඝාතනය කරලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු  ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු , පුද්ගලයෙකුට පහර දී  ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවත් එම හේතුව මත එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇති බවයි.

පොලීසිය පවසන්නේ , පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බවත්, අනතුරුව අදාළ තැනැත්තා ත්‍රීරෝද රථයකින් ඔහුගේ නිවසට ගෙන ගොස් දමා තිබෙන බවයි.

මියගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර  සැකකරුවන් කෝපායි, අරසඩි සහ සිත්තන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් අද (14) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිතයන්ගේ හමුව හෙට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන්නට...

මහින්ද සමරසිංහට මාලිමා ආණ්ඩුවේ ඉහළම තනතුරක් ?? ජාත්‍යන්තර බුද්ධි අංශත් විමසිල්ලෙන් !

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් දැනට සේවය කරන මහින්ද...

දිනන්නේ කොළ ද අළු ද තීරණය අද

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන...

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...