සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව මනූෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.
ඊයේ (14) රාත්රියේදී එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින් අතරින් මනූෂ නානායක්කාර මහතා දෙවැනි තැන ලබාගෙන තිබුණු අතර ඔහුට පසුව වැඩිම මනාප ලබාගෙන සිටියේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ය.