78 වැනි නිදහස් දිනය සමරන ඉන්දියාව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී , ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය සැමරීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සඳහා 700 කට අධික ආරක්ෂක කැමරා පද්ධති, ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළෙඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා , බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වසර 150ක් ඉන්දියාව පාලනය කළේය.නැගෙනහිර ඉන්දීය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757 දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.මහත්මා ගාන්ධි, භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් ය.

1947 දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැර ගියහ .විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඒ අනුව අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වැනිදා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවීමෙන් ඉන්දීයානුවන්ගේ නිදහස් දිනය සනිටුහන් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ

වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...