78 වැනි නිදහස් දිනය සමරන ඉන්දියාව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී , ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය සැමරීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සඳහා 700 කට අධික ආරක්ෂක කැමරා පද්ධති, ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළෙඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා , බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වසර 150ක් ඉන්දියාව පාලනය කළේය.නැගෙනහිර ඉන්දීය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757 දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.මහත්මා ගාන්ධි, භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් ය.

1947 දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැර ගියහ .විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඒ අනුව අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වැනිදා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවීමෙන් ඉන්දීයානුවන්ගේ නිදහස් දිනය සනිටුහන් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...