අපි ආණ්ඩුව ගත්තම පොළී අනුපාත,විනිමය අනුපාත ස්ථාවර කරනවා – හර්ෂ

Date:

කොළඹ LNW: තව සති කිහිපයකින් ආණ්ඩුව බලය ගත්විට වගකියන ආණ්ඩුවක් ලෙස සාර්ව ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාමට කටයුතු කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

”අපි තව සති කිහිපයකින් ආණ්ඩුව ගත්තම අපි වගකියන ආණ්ඩුවක් වෙනවා. වගකියන් ආණ්ඩුවෙන් මේ රට කිසිසේත්ම අපේ සාර්ව ආර්ථිකය කලබල කරන්න,එහි පොළී අනුපාත,විනිමය අනුපාත ඉහළ පහළ යන්න නොදී ස්ථාවරව තියාගන්න අපි වැඩකටයුතු කරනවා.” යනුවෙනුයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පසුගියදා මුදල් අවශ්‍යතාවකට ආණ්ඩුව භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියක් සිදුකර තිබුණ අතර එහිදී 8%9% මට්ටමෙන් එහාට ගොස් 135ක් වැනි ඉහළ පොළියක් දක්වා පොළී අනුපත් වැඩි වී තිබුණ බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

එමඟින් ආණ්ඩුව වැටුණොත් හෝ අලුත් ආණ්ඩුවක් පැමිණියහොත් කලබලයක් ඇතිවිය හැකි බවත් මුදල් එකතු කරගැනීම දුෂ්කර විය හැකියි යන්න පෙන්නුම් කර ආණ්ඩුව කරගෙන යාමට හැක්කේ අපට පමණයි යන්න ජනතාව බියගැන්වීමට ඇතැමුන් උත්සහ කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. පෙන්වා

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කඩුවෙල ආසනයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මයුරි අවසාන පූර්ව වටයේදී හය නිමංසා මූලික තරගයේදී හය

නිශ්මං රණසිංහ ජූලි 24, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

චෙම්මනි සමූහ මිනී වලෙන් මිනිස් සිරුරු 67ක අස්ථි කොටස් හඳුනා ගනී – කැණීම් තවදුරටත් ක්‍රියාත්මකයි! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

ආසියාව පුරා මිලියන සංඛ්‍යාත ඇඟලුම් කම්කරුවන් සිය රැකියා සම්බන්ධයෙන් බියෙන්

සටහන: සශිකලා මධුෂාණි ජුලි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය සමඟ...

තුර්කියේ ලැවුගිනි හේතුවෙන් 10 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග තුර්කියේ එස්කිසෙහිර්...