ජනපති රනිල් දිනවන්න වතුකරය පෙළගැසෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපති මැතිවරණයේදී වතුකරයේ අති බහුතර
ජනතාවගේ ඡන්දය ලබා දීමට සූදානමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන කලාප සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පැවසුවාය.

ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට පියවර ගත් ජනපති රනිල්ට ඔවුන් තම ඡන්දයෙන් කෘ තගුණ සැලකීමට සූදානමින් සිටින බවද පැවසුවාය .

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කල්‍යාණි මහත්මිය,

" මේ වන විට වතුකර ජනතාවට ලැබෙන වැටුප ජීවත්වීමට මදි වීමෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවන්ට ලක් වෙලා ඉන්නේ එවන් තත්ත්වයන් මත මේ වතුකරයේ සේවය කරන කම්කරු ජනතාවගේ දෛනික වැටුප වැඩි කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම ඉතාමත් හොඳ දෙයක්"

තවද, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනාගෙන් තුන්දෙනෙක් රනිල්ට සහයෝගය ලබාදීමට අද තීරණය කර තිබෙන බව පැවසේ.

එම පක්ෂයේ රිෂාඩ් බදියුදීන් සමඟ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිටින අතර බදියුදීන් හැර ඉතිරි මන්ත්‍රීවරු තිදෙනාගේ සහාය ජනාධිපතිවරයා වෙත ලබා දීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ . ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...