බලයට පත්වුණ වහාම උතුර නැගෙනහිර සංවර්ධනය අරඹනවා – සජිත් රිෂාඩ් ඉදිරියේ අවධාරණය කරයි!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමඟි ජන සන්ධානය සමඟ සන්ධාන ගතවීම අද (15) කොළඹ සිනමන් ලේක් හෝටලයේදී සිදුවිය.

අදාළ ගිවිසුමට සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රිෂාඩ් බදියුදීන් මහතා අත්සන් තබන ලදී.

අනතුරුව අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් මහතා සමඟ ගම නියම් ගම් සංවර්ධනයට එක්වෙන බවයි.

මන්ත්‍රීවරු රඳවා ගැනීමට එක රුපියලක් හෝ තමන් වැය නොකරන බවත් පාගා දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

යුද්ධයෙන් අවදිම හානියක් වුණ උතුර නැගෙනහිර පළාත් තවමත් දියුණුවක් ලබා නැති හෙයින් තමන් බලයට පත් වූ වහාම උතුර නැගෙනහිර ගොඩනැගීමට කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

”ගෝඨාභය රාජපක්ෂ ජාතිවාදය ඇතිකරලා හැමෝගෙන්ම පළිගත්තා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට බැරි වුණා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කරන්න. මම නම් කෙලින් කතාකරනවා මට කොන්ද තියෙන නිසා. ඒ දවස්වල වද පෙති වද කොත්තු ගැන කිව්වා. ශාෆිට වද දුන්නා. කයිවාරු ගහන අය කතාකළේ නෑ. සමගි අපි තමයි මේ වැරදි කතාව මහ පාරට බැහැලා කිව්වේ. මහජන කොංග්‍රසයත් දැන් ශුද්ධ උනාවුණා. ඒ තුන්දෙනා අහිමි වීම ඔබේ වාසනාවක්. සැප්තැම්බර් 21 පත්වන්නේ මහජනතාවගේ ආණ්ඩුවක්. ජනතාව වෙනුවෙන්ම කැපවුණ ආණ්ඩුවක් අපි බිහිකරනවා.” යනුවෙන් එහිදී ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද අදහස් දක්වන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...