සල්මන් රුෂ්ඩිට පහර දීමට අපේ සම්බන්ධයක් නෑ, වගකිව යුත්තේ ඔහුමයි – ඉරානය තීන්දුවත් දී අවසන්!

Date:

ලෝකප්‍රකට සාහිත්‍යධරයකු වන ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි ට ඉකුත් දින එල්ල වූ මරු පහර ට තම කිසිඳු සබඳතාවයක් නොමැති බව ඉරානය අවධාරණය කරයි.

ඉකුත් සිකුරාදා (12) දින එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි පැවති උත්සවයක් අතරතුර දී සල්මන් රුෂ්ඩි ට පුද්ගලයකු විසින් මරු පහරක් එල්ල කළ අතර, එමඟින් ඒ මහතා ගේ තත්ත්වය අසාධ්‍ය අතට පත්ව තිබිණි.

මෙම පහර දුන් පුද්ගලයා සමඟ ඉරානය කිසිඳු සබඳතාවයක් නොමැති බවත් එසේ ප්‍රහාරයට ලක්වීමට වගකිව යුත්තේ රුෂ්ඩි ම බවත් ඉරාන බලධාරීහු පවසා සිටිති.

රුෂ්ඩි විසින් රචිත ද සේටැනික් වර්සස් (The Satanic Verses) නම් කෘතිය ආශ්‍රිතව වසර ගණනාවක් පුරා ඔහුට මරණ තර්ජන එල්ල වෙමින් තිබුණු අතර, මෙම ප්‍රහාරය ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබූ අන්දම පිළිබඳව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සිය දැඩි පිළිකුල  ප්‍රකාශ කර තිබිණි.

මීට ප්‍රතිචාර වශයෙන් ඉරාන විදේශ අමාත්‍ය ප්‍රකාශක නසර් කනානි ටෙහ්රාන් ප්‍රකාශ කර සිටියේ, මෙම සිදුවීමට ඉරාන ඉස්ලාමික ජනරජයට චෝදනා කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවයි.

භාෂණයේ නිදහස තිබූ පමණින් රුෂ්ඩි සිය ග්‍රන්ථය හරහා ආගමට අපහාස කිරීම සාධාරණීකරණය නොවන බව ප්‍රකාශ කළ ඔහු මෙම ප්‍රහාරයට වගකිව යුත්තේ අන් කවරකු නොව රුෂ්ඩි සහ ඔහුගේ අනුගාමිකයන්ම බව ද චෝදනා කළේය.

කෙසේ වෙතත් එක්සත් ජනපදය අවධාරණය කරන්නේ, රුෂ්ඩි ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කරන බවට ඉරානය වසර ගණනාවක් පුරාවට විවිධ තර්ජන එල්ල කළ බවයි.

ඡායාරූප: ගෙටී ඉමේජස්

සබැඳි ලිපි:https://outboundtoday.com/%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b6%9a%e0%b7%99%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b7%80/

https://outboundtoday.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b0%e0%b6%bb-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...