පහළ ගිය මිලෙහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන්න – ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් පැමිණිල්ලක් (VIDEO)

Date:

අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහළ ගියද එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලැබී නැති බවට චෝදනා කරමින් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු පිරිස අද (15) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් මහතා පැවසුවේ අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහළ යාමේ වාසිය ජනතාවට ලැබී ඇත්ද යන්න විමසීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලය පවරා ඇති බවයි.

එහෙයින් මේ මොහොතේ කළු කඩ මාෆියාව බිඳීම සඳහා අවශ්‍ය ශක්තිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

බිත්තර,මස්,බිස්කට් සහ පාන්පිටි මිල අධික ලෙස ඉහළ යාමේ කළු කඩ මාෆියාව එරෙහිව කටයුතු කළ යුතු බවත් ප්ලේන්ටියට,බත් පැකට් එකට සහ ආප්පයට පාලන මිලක් ඇති කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...