රනිල්ට අතදෙන්න මනෝත් සූදානමින් – ඇමැතිකමත් එපා කියයි (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය විසින් දෙමළ ඩයස්පෝරා කිහිපයක තහනම ඉවත් කිරීම සුභවාදී දෙයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම තීරණය ලංකාව සම්බන්ධයෙන් ලෝකය සුභවාදීව බලන දෙයක් බව ඔහු කියා සිටියේය.

ඩයස්පෝරාවත් සමඟ නිසි ලෙස සාකච්ජා කළ හොත් රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට ද විසඳුම් සපයා ගත හැකි අතර ඒ වෙනුවෙන් තමන්ට ක්‍රියා කළ හැකි බවත් ඇමතිකම් හෝ අවශ්‍ය නොවන බවත් මනෝ ගනේෂන මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස අලුත් ආකාරයට ඇස් හැර බැලිය යුතු වන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ දේ සම්බන්ධයෙන් සතුටු වන බව මනෝ ගනේෂන් මහතා පවසන ලදී.

කෙසේවෙතත් ගුණදාස අමරසේකර,මොහොමඩ් මුසම්මිල්,විමල් වීරවංශ වැන්නන් මෙවැනි දේ දුටුවේ වැරදි ආකාරයෙන් වන අතර දැන් හෝ එය වෙනස් විය යුතු බවත් අද වන විට රට තිබෙන තැනට ගෙනාවේ ඔවුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...