*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලොක්කා ගැන සේවකයින් කණස්සල්ලෙන්

නායකයකු වීමට සැමට නොහැක. සමහරුන් දක්ෂතාවය තුලින් නායකත්වය ලබා ගනී. තවත් සමහරුන් රාජකාරී කාලය තුළම උඩබලාගෙන සිටියත් ජේෂ්ටත්වය නිසා ඉහළ පුටුවේ ඉන්දවෙයි. නමුත් ජෙෂ්ටත්වය නිසා පමණක්ම උඩ පුටුවලට රජයේ සේවකයින් පත් කෙරෙන එකම රට ලංකාවයි.
 
අඛණ්ඩව මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරයට නිලධාරීන් පත් වී තිබෙන්නේ ද මෙලෙසින්ය. අද වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධානතම අකාර්යක්ෂම දෙපාර්තමේන්තුවක් බවට පත්වීමට බලපෑ මූලික කරුණවන්නේද වැඩ බැරි, තීරණ ගැනීමට නොහැකි, ඉහල අධ්‍යාපන සුදුසුකම් නොමැති, භාෂා නිපුණතාවයක් නොමැති නිලධාරීන් එම පුටුවට පත් කිරීමයි.
 
රජයට මුදල් හොයන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ මේ වන විට බොහෝ අන්තර් ජාතික සහයෝගීතා සංවිධාන එකතුවී කටයුතු කරගෙන යයි. පවතින බදු රැස් කිරීමේ ක්‍රමවේද නිසි කළමනාකරණයට ලක් කරමින් විනිවිදභාවයෙන් යුතු දුෂණයෙන් තොර ජනතාවට බරක් නොදෙන බදු ක්‍රමයක් ඇතිකිරීම එම සංවිධානයන්හි අරමුණයි.
 
එසේවෙතත්, එම දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරාල්වරයා වන රංජිත් හපුආරච්චිගේ දුර්වල පාලනයත්, කල්ලි වලට අවනත වී ගනු ලැබූ තීරණත්, වැඩ බැරි නිලධාරීන් රොත්තක් වටේ තබාගෙන කරගෙන ගිය අවිධිමත් පාලනයත්, දෙපාර්තමේන්තුවෙන් පිටතදී පැවති සාකච්ඡ වලදී හිතුමතේට බොරු කියමින් කල රංගනයත් නිසාත් අද වන විට  ආදායම් දෙපාර්තමේන්තුව ගොඩ ගැනීමට නොහැකි ප්‍රපාතයකට තල්ලු වී ඇත.
 
මීට මාස කිහිපයකට පෙර දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙකු, දෙපාර්තමේන්තු සේවයේ සිටියදීම එයින් පිටත පිහිටුවා ඇති මුල්‍ය කළමණාකරන ප්‍රතිපත්ති සැකසීමේ අංශයක් වෙතට තනතුරු ලබා ගියේද වත්මන් ජනරාල්වරයාගේ අදූරදර්ශී තීරණ නිසාය.
 
IMF විසින් සහය ලබා දෙමින් සිදු කරමින් පවතින ආදායම් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද නිසිලෙස සිදු කිරීමට දැනුම් තේරුම් ඇති ඉහල පිරිසක් නොමැති වීම තවත් එක් අවදානමකි. බොරු ලේඛන පෙන්වමින් නොකළ දේ කළ ලෙසට IMF වෙතට වාර්තා ලබා දුන්නත් ඔවුන් ඇන්දවීමට කොමසාරිස් ජනරාල්ට නොහැකිය.
 
 දෙපාර්තමේන්තුවේ අනාගත සැලසුම්, නිවැරදි කර ගත යුතු දේ, පිලිබඳ තොරතුරු සමස්ත නිලධාරීන්ගෙන් සඟවා තබා කටයුතු කිරීමෙන් බොහෝ නිලධාරීන් කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළම තනතුරු කිහිපය පිලිබඳ දැඩි කලකිරීමෙන් සහ කනස්සල්ලෙන් සිටී.
 
කැපවී රාජකාරි කිරීමට කැමති දක්ෂතා ඇති පිරිසක් දෙපාර්තමේන්තුව තුළ නැතුවා නොව, අවස්ථාවක් ලැබෙන තුරු ඔවුන් සිටී. ජේෂ්ටත්වය පසෙකින් තබා වසර කිහිපයක් එක දිගට වැඩකළ හැකි සුදුසුකම් දක්ෂතා වලින් සමන්විත කොමසාරිස් ජනරාල්වරයකු ආදායම් දෙපාර්තමේන්තුවට පත්කළ යුතු මොහොත උදා වී ඇත.
 
මේ බහුතර සේවකයින්ගේ ඉල්ලීමයි, බලාපොරොත්තුවයි.

~ දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවක පිරිසක්

RN

සංස්කාරක සටහන –

මෙම ලිපිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් විසින් LNW අප වෙත යොමු කරන ලද ලිපියකි. මීට ප්‍රතිචාර දැක්වීමට කිසියම් පාර්ශ්වයකට අවශ්‍ය නම් “පිළිතුරු දීමේ අයිතිය” යටතේ ඊට ඉඩ ලබාදීමට LNW අප සූදානම් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan