රට රස්සා දෙනවා යැයි බොරු කියා මුදල් ගැරූ නරේන්ද්‍රරාසා කොටුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මඩකලපුව, අමිර්තකලි ප්‍රදේශයේ පදිංචි නරේන්ද්‍රරාසා සිටිකරන් නමැති අයෙකු විසින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් ලබාගෙන ඇති අතර කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව, අමිර්තකලි ප්‍රදේශයේ පදිංචි සැකකරු ඕමානයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 450,000.00 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදීම නිසා අදාළ මුදල් ලබා දුන් පිරිස් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ .

මෙම පුද්ගලයා විසින් රැකියා සඳහා ඕමානයට යවා ඇති ශ්‍රි ලාංකිකයින්ට පොරොන්දු වූ පරිදි අදාළ රැකියාව හිමිනොවීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, විශාල පිරිසකගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇති බව  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...