ඉතාලියේ ප්‍රදේශයකට බල පෑ ගංවතුර අවදානම! (ඡායාරූප)

Date:

මර්ඩොවින් ගඟ අසබඩ අනපේක්ෂිත ලෙස එහි ඉවුරු පුපුරා යාමෙන් 100 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති අතර, බාර්ඩොනෙචියා නගරය ඝන මඩ වලින් වැසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයෙන් මඩ සහිත ගංවතුර ජල ධාරාව ඇල්පයින් නගරය හරහා පිටාර ගැලීම මෙලෙස ගංවතුර ඇතිවීමට සහ නාය යෑමට හේතු වී ඇත.

කිසිදු මරණයක් හෝ අතුරුදහන් වූ පුද්ගලයෙක් තවමත් නොමැති බව ඉතාලි පුවත් ඒජන්සිය ANSA විසින් ඉකුත් සඳුදා වාර්තා කරන ලදී.

කෙසේ වෙතත්, නගරයට සිදුවූ හානිය හේතුවෙන් පුද්ගලයන් 120 ක් අවතැන් විය. පුද්ගලයන් කිහිප දෙනෙකු බේරා ගැනීමට ද කටයුතු කළ බව ගිනි නිවන සහ ගලවා ගැනීමේ නිලධාරීහු පවසති.

ඡායාරූප: LaPresse (AP)

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...