රටේ අනාගතය ගැන හිතල ඔබ ජන්දය පාවිච්චි කරන්න – පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට එළඹෙමින් ජනපති කියයි!

Date:

කොළඹ LNW:පුළුවන් ශ්‍රී ලංකාවක්,ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් හදන්න එකතු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ”පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය එළිදක්වමින් පැවසුවේය.

කොළඹ වොර්ටස් එජ් හොටලයේදීයි එය පැවැත්වුණේ.

අද දිනයේදී පක්ෂ කණ්ඩායම් 34ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ”පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය වෙනුවෙන් ගිවිසුම් ගත වීම සිදු විය.

ඒ අනුව එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ අනාගතය ගැන සිතා මෙවර ජන්දය පාවිච්චි කරන ලෙසයි.

අද දවසේදී මෙලෙස පුළුවන් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සම්මුති ගත වන්නේ රටේ අනාගතය වෙනුවන් වන අතර මෙය කැප වී ඇත්තේ රට වෙනුවෙන් බවයි වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මෙම ඓතිහාසික සම්මුතියට එක්වන්නේද බෑ කියා පැන ගිය අය නොව පුළුවන් යැයි හිතපු මිනිසුන් බවද හෙතෙම සඳහන් කරන ලදී.

”අමාරුම කාලේ ආර්ථිකය,දේශපාලනය කඩා වැටුණු අවස්ථාවේ කවුද හිටියේ.දේශපාලන නායකයෝ පැනල ගියා. මේක මම භාර ගනිද්දී පක්ෂයක් තිබුණේ නැහැ. මට පුළුවන් කියල පාර්ලිමේන්තුවේ කොටසක් මා සමඟ එකතු වෙලා මේ ගමන ආවා. ඒ පුළුවන් වීම නිසා තමයි අද මේ රැස්වීම තියන්නේ. දැන් අපේක්ෂකයෝ කියනවා තමන් ගැන හිතල ජන්දේ දෙන්න කියල. මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ ඔබේ අනාගතය ගැන හිතල ජන්දේ පාවිච්චි කරන්න. පුළුවන් ශ්‍රී ලංකා ගමනට අපි ඔක්කොම එකතුවෙලා යමු. අපි භාරගත්තේ බංකොලොත් රටක්. පෝලිම් යුගයක්. ඉන්ධන පෝලිම්,ගෑස් පෝලිම්,ආහාර පෝලිම්,බෙහෙත් පෝලිම්.අපිට සල්ලි තිබුණේ නැහැ. සමහර දවස්වල ඩොලර් මිලියනයක් තිබුණේ නැහැ. එහෙම බංකොලොත් ආර්ථිකයක් මෙතනට ගෙනල්ලා තියෙනවා. අමාරු තීරණ ගන්න වුණා. කැමැත්තෙන් කළා. නෙවෙයි. දරුවෙක්ට බෙහෙත් පොවනවා වගේ වැඩක්. ඒක කළේ රට වෙනුවෙන්. අපි අලුත් බලවේගයක් ලෙස ඇවිත් තියෙන්නේ. තව අවුරුදු පහක් මේ ගමන යන්න ඕනේ. අලුත් නායකත්වයක් හැදෙන්න ඕනේ. කණ්ඩායමක් ලෙස ඉදිරියට ගිහින් රට හදන්න ඕනේ. ගම්මාන හදන්න ඕනේ. සිංහල,දෙමළ,මුස්ලිම් මේ හැම ජනතාවක්ම එකතු කරගෙන මේ ගමන යන්න ඕනේ. පුළුවන් ශ්‍රී ලංකාවක් අපි ගොඩනගන්න ඕනේ.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...