Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන – රුවන් නෙළුගොල්ල

දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ ඇල්ල වික්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ස්වභාවික සෞන්දර්යය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ අනුව ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අද (16) සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...