ලොහාන් නොදැනසිටි දෙය ….

Date:

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල් ලියනවා. සමහරු එයාව සාධාරණීකරණය කරලා ලියනවා. සමහරු එයාට බැණලා ලියනවා. මහනුවර උන් පොරට උඩින්ම චන්දෙ දුන්න එක ගැන ලියනවා. ඒ චන්දෙ දුන්න එවුන්ම දැන් මාලිමාවට දුන්න එක ගැනත් ලියනවා. අනේ මන්ද…

මගේ පරම්පරාවේ මතකය අනුව ලොහාන් මට දේශපාලඥයෙක් විදියට නම් මතක නැහැ. ත්‍රාඩ ප්‍රචණ්ඩ මිණීමරුවෙක් විදියට නම් මතකයි. ඒ මිනීමරු බව දේශපාලනය එක්ක බැඳිලා තිබ්බ නිසාද දන්නේ නැහැ මේ යකාට දේශපාලඥයෙක් කියල කියන්නේ.

අර රගර් කාරයෙක් එළොව යවපු එකේ ඉඳන් උඩතලවින්න සමුහ ඝාතනය සහ නිරූපිකාවකට එල්ලුම් ගහ පෙන්නීමේ නාටකය දක්වා පොර අපි කාට හෝ මතක දේශපාලනයක් කරපු අවස්ථාවක් කියන්න. ආ.. එකක් තමයි පොර ජීවත් වෙනකම් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කිව්ව කතාව. ඒකෙත් තිබ්බේ චණ්ඩිකම…

මහින්ද රාජපක්ෂගේ අංග ආරක්ෂකයා වෙලා හිටිය නිසා මහින්ද කියනවා පොර නැතිවීම රටට පාඩුවක් ලු… අපිට නම් මේ වගේ උං නැතිවීම පාඩුවක් හැටියට දැනෙන්නේ නැහැ. මුං වගේ ත්‍රාඩයෝ රැලක් තමයි පොහොට්ටුව වටේ එක වෙලාවක එල්ලිලා හිටියේ.

මහින්ද කියන්නේ මිනිහෙක් තුල තියන නපුර තමන්ගේ වැඩේ වෙනුවෙන් පාවිච්චි කරගන්න හොඳින් දැනගෙන හිටපු කෙනෙක් මිසක් ඒ මිනිහ වෙනස් කරන්න නිවැරදි කරන්න අංශු මාත්‍රයක උත්සාහයක් ගත්ත යකෙක් නෙවෙයි. මට මහින්ද සම්බන්දයෙන් තියෙන ප්‍රධාන විවේචනයක් ඒ. මම එදත් අදත් කියන්නේ මහින්ද කියන්නේ විපරීත පියෙක් කියල.

දන්නා හැටියට ලොහාන් කියන්නේ දේශපාලන ජීවිතේ ඇතුලේ තවත් මිනිහෙක්ට යහපත් උදාහරණයක් සපයපු මිනිහෙක්වත් පුද්ගලික ජීවිතේ ඇතුලේ යහපත් උදාහරණයක් සපයපු මිනිහෙක්වත් නෙවෙයි. අර පැරණි මිනිස්සු කියන විදියට මුං අතින් බල්ලෙක්ට බත් දුන්නොත් බල්ලෝවත් බත්කන්නේ නැති උං… අපරාදේ මේ වගේ පවුලක නම. අවලංකමයි, කුපාඩිකමයි, චණ්ඩිකමයි විතරයි ජීවිතේ.

මාලුවෙක්ට ජීවත්වෙන්න ඕනි ජලය නැතිවෙන කොට උන් මැරෙනවා වගේ එකක් මේ පේන්න තියෙන්නේ. ලොහාන් වගේ උන්ට ‘නිදහසේ’ ජීවත් වෙන්න අවශ්‍ය ජලය සහ ඔක්සිජන් දැන් නැහැ. පරිණාමයක් පේන තෙක් මානයේ නැහැ. ඒ නිසා නිකම්ම කූරියා ගහනවා.

ඔය අවසාන කාලේ නුවර දේශපාලන වේදිකාවල කතාකරද්දී ලොහාන්ල දැනගෙන හිටියේ නැහැ ලොහාන්ගේ කකුල්වලට යටින් ලංකාවේ සමාජය වෙනස්වෙන්න උත්සාහ කළා කියලවත්…මම හිතන්නේ මැරුණෙත් ඒක දන්නේ නැතුව…

මාලිමාවට චන්දෙ දුන්නේ ලොහාන්ට චන්දෙ දුන්න අයම වෙන්න පුළුවන්. හැබැයි එයාල යම් ප්‍රමාණයක් හෝ වෙනස්වෙලා හිටිය. ඒකයි ලොහාන් ආයේ පාර්ලිමේන්තු නාවේ.

මෙහෙම මේ සටහන ලිව්වේ මේ විදියට මැරෙන්න හිත හදා ගෙන ඉන්න උන්ට පේන්න. මෙහෙම මැරුණොත් ලියවෙන්නේ මෙහෙම කියල පෙන්නන්න.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...