නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු පෙළ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන සීමිත පන්දුවාර 50 තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙන්නට නාවික හමුදා කණ්ඩායමට හැකි වෙනවා.ඔවුන් සහ අපරාජිතත්වය බෙදී තිබුණු චිලව් මේරියන්ස් කණ්ඩායම අතර පැවති තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක ජයක් වාර්තා කරමින් අපරාජිතකම තමන්ට පමණක් ලියා ගන්නට නාවික හමුදා කණ්ඩායම සමත් වුණා.හර්ෂිතා මෙවර තරගාවලියේ වැඩිම ලකුණු එකතුව සහිත පිතිකාරිණියන්ගේ ලේඛණයේ පළමු තැන හොඳින්ම තහවරු කර ගන්නටත් සමත් වුණා.


පළමුවෙන් පන්දුවට පහර දුන් නාවික කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 219 ක් රැස් කරන්නට සමත් වුණා.නාවික කණ්ඩායමේ ලකුණු නැංගුරම,හර්ෂිතා සමරවික්‍රම තීරණාත්මක තරගයේදී මනා පාලනයකින් යුතුව පිත්ත හසුරවමින් ලකුණු 91 ක් ලබා ගන්නට සමත් වුණා.ඇය දැහැමි සෙනෙත්මා (26) සමඟ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සබඳතාවයක් ද,නායිකා හංසිමා කරුණාරත්න (නොදැවී 48) සමඟ සිව්වන කඩුල්ලට ලකුණු 97 ක සබඳතාවයක්ද තබමින් නාවික හමුදා ලකුණු පූවරුව ඉහළට ඔසවා තැබීමේ වගකීම මැනවින් ඉටු කරනු ලැබුවා.


චමරි අතපත්තු ප්‍රමුඛ චිලව් මේරියන්ස් කණ්ඩායමෙන් ලකුණු 219 ක් රැක ගැනීම පහසු නැති බව නාවික හමුදා කණ්ඩායම ආරම්භයේ සිටිම කල්පනා කිරීම නිසාම ඔවුන්ට පහසුවෙන් තරගයේ ජයග්‍රහණය වෙත පිවිසෙන්නට අවස්ථාව ලැබුණා.ඉමේෂා දුලානි ලැබූ ලකුණු 25 සහ චමරි අතපත්තු ලැබූ ලකුණු 24 චිලව් කණ්ඩායමේ පිතිකාරිනියන් වෙතින් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණ වූවා.ඉනෝකා රණවීර සිය අත්දැකීම් කදිමට ප්‍රයෝජනයට ගනිමින් චමරිගේ කඩුල්ලත් සමඟ ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගත්තා.ඇය යැවූ පන්දු ඕවර් 10 න් තුනක්ම නිලකුනු පන්දු ඕවර් වීම කැපී පෙණුන අතර ඇය තරගාවලියේ වැඩිම කඩුලුලාභිණියන්ගේ ලේඛණයේ මුල් තැනට එන්නට ද සමත් වුණා.පන්දු ඕවර් 38.4 දී චිලව් මේරියන්ස් කණ්ඩායම ලකුණු 128 ට සියල්ලම දැවී ගියා.


මේ තරගාවලියේ දක්ෂතා සළකා බලන විට මේ වන විට කවීශා දිල්හාරි ක්‍රීඩා නොකරන අතර ඇය හැරෙන්නට නම ගිය පිතිකාරීන්යන් තරගාවලියේ පෙරමුණ ගෙන තිබෙනවා.හර්ෂිතා,විශ්මි,චමරි ලෙස පෙළ ගැසී තිබෙන දක්ෂාත ලේඛනයේ නිල්ක්ෂි ද සිල්වා ද දකින්නට ලැබෙනවා.පන්දු යවන්නියන් ගත් විට වැඩිපුර කැපී පෙනේනේ නවක ක්‍රීඩිකාවන් බව දකින්නට ලැබෙනවා.ඉනෝකා මුල් තැන සිටියද ඇය හා සමානම කඩුලු ගණනක් ගෙන සිටින බදුරලිය කණ්ඩායම නියෝජනය කරන හිරුනිකා නිවර්තනී සහ පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන යසන්ති හේරත් ද සිටිනවා.
ඒ නිසා මේ තරගාවලියෙ බොහෝ විට ජාතික සංචිතය තේරීම් සඳහා බලපෑමක් ඇති කළ හැකි තරගාවලියක් පවට පත් වී තිබෙනවා.දක්ෂ පිතිකාරිණියන් ඉදිරියේ කඩුලු ලබා ගත් තරුණ ක්‍රීඩිකාවන්ට ඇගයීමක් නොදී නොහැකි තත්ත්වයකට පත්ව ඇති මේ තරගාවලිය මේ තරගකාරීත්වය සහ දක්ෂතාවල ස්වභාවය නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු ඉලක්ක කරා ගොස් තිබෙන බව පැහැදිළි වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...