පෙලෝසි ගේ තායිවාන සංචාරය ගේමක්, තවත් නේටෝවක් බිහිකරන්නයි මේ සූදානම: පුටින්

Date:

එක්සත් ජනපදයට අවශ්‍ය යුක්රේනයේ ඇති ගැටුම්කාරී තත්ත්වය ඉවත් කිරීමට බව පුටින් කියයි…

ඉකුත් දින එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය ගේ තායිවාන සංචාරය ඉතාම සැලසුම්සහගතව දියත් කළ මෙහෙයුමක් බව රුසියාව චෝදනා කරයි.

රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සඳහන් කරන්නේ, මිනිසුන් ඇවිස්සීම සඳහා පෙලෝසි ගේ තායිවාන සංචාරය ඉතාම සැලසුම්සහගතව දියත් කළ එකක් බවයි.

එමෙන්ම, මෙවන් ක්‍රියාදාමයන් හරහා ආසියා පැසිෆික් කලාපය තුළ ද නේටෝ සංවිධානය වැනි යුධ එකමුතුවක් සහිත පද්ධතියක් නිර්මාණය කිරීම බටහිර රටවල අභිප්‍රාය වී ඇති බව ද පුටින් අවධාරණය කරයි.

රුසියානු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මොස්කව් හි ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව ආමන්ත්‍රණය කරමිනි.

යුක්රේනයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය ඉවත් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍යව ඇති බවත්, ඊට අදාළව මිනිසුන් කුපිත කිරීමේ සැලැස්මක් ලෙස පෙලෝසි මෙම මස මුල තායිවාන සංචාරයේ යෙදුන බව ද හෙතෙම පැවසීය.

ඡායාරූප: ඒඑෆ්පී

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...