මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තමයි හොඳ – තිස්ස

Date:

කොළඹ LNW:රටෙන් හතරෙන් එකකට කන්න නැති වෙලාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කර වැඩක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනතාවගෙන් කිසිවෙක් 13ක් ගැන කතා නොකළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් 13 ගැන කතා කිරීමට පෙර කල්දැමූ මැතිවරණය පවත්වන ලෙස රජයට අවධාරණය කරන බවයි හෙතෙම පවසන්නේ.

”උතුර හෝ දකුණ 13 ක් ගැන කතා කළේ නැහැ. ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න අසමත්. එදිනෙදා යැපෙනවා පමණයි වෙන්නේ. ඉන්දියාවේ ප්‍රසාදය ගන්න කරන වැඩක් මේ. 13 ගෙන්න හදන්නෙ රටේ ප්‍රශ්න අමතක කරන්න. අගෝස්තු මාසෙ පහු උනාම 2024 ජනාධිපති වරණයකට යන්න පුලුවන්. මේ වෙලාවේ ජනමතය වෙනුවෙන් ජනාධිපතිවරණයකට යාම සුදුසුයි. ඒ සදහා නීති වෙනස් වෙන්නා ඕනේ නම් අපි සූදානම් සහය දෙන්න. වහාම ජනාධිපතිවරණයක් තියන්න. පැහැදිලිව ජයගන්නවා සමගි ජන බලවේගය.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...