ඩයනාට එරෙහිව ඔෂල හේරත්ගෙන් මෝසමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගන්නා ලෙස ඉල්ලමින් මෝසමක් ගොනුකර ඇති අතර , රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇති බව වාර්තා වේ.

එම පෙත්සම ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර

මෙම පෙත්සමට අදාළව ඉකුත්දා බෙදුනු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීම හේතුවෙන් අදාළ පෙත්සම යළිත් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට අධිකරණය ඉකුත්දා තීන්දු කළ බවයි ඔෂල හේරත් මහතා පවසන්නේ ,

ඒ අනුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබෙන බව පෙත්සම්කරු සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...