දික්වැල්ලගේ ක්‍රිකට් දිවිය තවත් කෙටි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 16, (LNW) කොළඹ :

නිරෝෂන් දික්වැල්ල ට එල්ල වී ඇති තහනම් උත්තේජන චෝදනා පදනම් කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම ආකෘතිවල ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.එක දිගට නීතිමය තත්ත්වයන්ට අනුකූල නොවීම වින්දනයක් කර ගන්නා මෙවැනි ක්‍රීඩකයින් මෙන්ම ඔවුන්ගේ කළමණාකරුවන්ට ද මෙවැනි අවස්ථාවන්වලදී දඬුවමක් දීමට හැකියාව ඇත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුව ඇත.
ක්‍රීඩකයින් උපයන මුදල් ආයෝජනය කිරීම සහ කළමණාකරණය කිරීමත්,ඔවුන් කරන ඕනෑම වරදක් සාධාරණය කර නැවත ක්‍රීඩා පිටියට පිවිසීම සඳහා අවස්ථාව සැළසීමත් පමණක් කළමණාකරුගේ වගකීම බව හඳුනාගෙන කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් ගැන අවධානය යොමු කරන්නට මේ සිඳුවිම හොඳ අවස්ථාවකි.ඔවුන් ක්‍රීඩකයන්ට රිසි සේ හැසිරෙන්නට දී ඇති කර ගන්නා ගැටළුවලදී,ක්‍රීඩකයින් උපයන මුදල්ම වියදම් කර ඒ අපකීර්කිය වසා ගැනීමට උත්සාහ කරනු විනා ක්‍රීඩකයින්ට යහපත් ජීවිතයක් ඇති කිරීම සඳහා වන ජීවිත කළමණාකරණය නොසළකා හරින්නන් වී ඇත.


නිල නොලත් තොරතුරු මත වාර්තාවන ආකාරයට තහනම් උත්තේජන පරික්ෂාවේදී දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සාක්ෂි ඇත්නම් ඊළඟ මොහොතේදී ඔහුව එම මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට අදාළ රටේ නීතියට අනුව අත් අඩංගුවට පත්වීමේ හැකියාව ද ඇත.එතැන් සිට ලබා ගත් ස්ථානයේ සිට ඉහළ සමාජයේ කොකේන් භාවිතය ගැන වන වාර්තාවන් සමඟ එහි පිටුපස ඇති මත්ද්‍රව්‍ය නියෝජිතයන්ද සොයා ගත හැකි වනු ඇත.


කෙසේ වුව අවස්ථා ගණනකදී සිඳු වූ වැරදි සහ දඬුවම් කිරීම සියල්ලෙන් පසුවත් තමන්ගේ චර්යා රටාව වෙනස් කර ගැනීමට සූදානම් නැති බව දික්වැල්ල වැනි ක්‍රීඩකයින් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්නේ,ඔවුන්ගේ කළමණාකාරීත්වයේ නොසැළකිල්ල මත විය හැකිය.කිසිඳු ක්‍රීඩක කළමණාකරුවෙක් දිගින් දිගටම වැරදිවලට ගොඳුරුවන ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් මතුවන ගැටළු නිසා සිය කළමණාකාරීත්වයෙන් ඉල්ලා අස් වෙන අවස්ථා වෙනුවට දැක ගන්නට ඇත්තේ එම වැරදි වසන්නට උත්සාහ කරන ආකාරය ය.ක්‍රීඩකයන්ට ලැබෙන සුවිසාල මුදල් පිටුපස ඔවුන්ගේ සිත් නොරිඳවා රැදී සිටීමේ ලාභදායි ව්‍යාපාරයක් විනා සමහර කළමණාකරුවන්ට ක්‍රීඩකයන්ගේ ජීවිත කළමණාකරණය වැදගත් වන්නේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...