ආණ්ඩුවට විශ්වාසභංග ගෙනඒමට පෙර විපක්ෂය එක ප්‍රතිපත්තියකට එන්න – සුසිල්ගේ ටොක්ක!

Date:

කොළඹ LNW: ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තනිතනිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට පෙර විපක්ෂයේ කණ්ඩායම් ප්‍රතිපත්තිමය තීන්දුවලට පැමිණිය යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසිය.

ඉතිහාසයේද ආණ්ඩු පාර්ශවයේ මැති ඇමතිවරුන්ට විපක්ෂය විසින් මෙලෙස විශ්වාසභංග යෝජනා ගෙන ආවද ඒවා පරාජය වූ බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර විපක්ෂයේ කණ්ඩායම් තැන් තැන්වල සාකච්ජා කළද අවසානයේ පොදු අරමුණකට පැමිණිය යුතුවන බවත් විශාල බලයකින් පත්ව සිටින ආණ්ඩුවක් වසරකදී වැනි කාලයකින් පෙරළීමට උත්සහ කිරීම ප්‍රඥා ගෝචර නොවන බවද ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරන ලදී.

”ජනතාව බලයක් දීලා තියෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිඅරන්. ඉතින් ඒක කරලා බලන්න දෙන්න ඕනේ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...