අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW:

GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අදින් අවසන් වීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනය  පවත්වන්නේ, ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය කර්මාන්ත හා ව්‍යවසායත්ව සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව වන අතර, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයෙන් අපේක්ෂිත අපනයන ආදායම වන්නේ ඩොලර් බිලියනයක් බව වාර්තා වේ.

මෙම  ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ, එම අපනයන ආදායම් ඉලක්කය සපුරාගැනීමට සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීමයි. සංවිධායකයන් ප්‍රකාශ කළේ, මැණික් වෙළදාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන රත්නපුර නගරය ගෝලීය වශයෙන් අත්පත් කරගෙන ඇති කීර්තිය තවදුරටත් තහවුරු කර ගැනීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු වන බවයි.

වෙළදකුටි 100 කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී මැණික් අලෙවියට අමතරව මැණික් හා ආභරණ නිර්මාණ නවෝත්පාදනය වෙනුවෙන් ද අපූරු අවස්තාවක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...