අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW:

GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අදින් අවසන් වීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනය  පවත්වන්නේ, ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය කර්මාන්ත හා ව්‍යවසායත්ව සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව වන අතර, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයෙන් අපේක්ෂිත අපනයන ආදායම වන්නේ ඩොලර් බිලියනයක් බව වාර්තා වේ.

මෙම  ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ, එම අපනයන ආදායම් ඉලක්කය සපුරාගැනීමට සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීමයි. සංවිධායකයන් ප්‍රකාශ කළේ, මැණික් වෙළදාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන රත්නපුර නගරය ගෝලීය වශයෙන් අත්පත් කරගෙන ඇති කීර්තිය තවදුරටත් තහවුරු කර ගැනීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු වන බවයි.

වෙළදකුටි 100 කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී මැණික් අලෙවියට අමතරව මැණික් හා ආභරණ නිර්මාණ නවෝත්පාදනය වෙනුවෙන් ද අපූරු අවස්තාවක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...