කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වන විට කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාලගුණ අංශ  වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති පිරිස 307 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

තවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවයි. එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද  මිය ගිය බව වාර්තා වේ.

තවද, එරට රජයේ කාලගුණික වාර්තාවන් පෙන්වා දී ඇත්තේ එළැඹෙන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවත්, ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටද එරට රජය ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...

ජොනීගේ පුතා ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...