පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ දෙදින තරගාවලියේ මේ දක්වා නිමාව දැක ඇති තරග 22 දී පිතිකරුවන් ශතක 18 ක් වාර්තා කර තිබෙනවා.පන්දු යවන්නන් එක ඉණිමක කඩුලු 5 ක් හෝ ඊට වැඩි ගණනක් දවා ගත් අවස්ථාවන් ද 18 ක් වාර්තා වෙනවා.


ලකුණු ලබා ගැනීමේදී ශථක 18 න් දෙකකටම වගකියා ඇත්තේ බ්ලූම්ෆිල්ඩ් ක්‍රිඩා සමාජය නියෝජනය කරන මිනෙත් ප්‍රේමරත්නයි.ඔහු අවුරුදු 23 න් පහළ බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායමේ නායකයාද වෙනවා.ඔහු මේ දක්වා තරගවලියේ තරග දෙකකට සහභාගි වී ශතක දෙකක්ම ලබා ගෙන ලකුණු 317 ක් අතර වැඩිම ලකුණු එකතුව සහිත පිතිකරුවා ලෙසද වැජඹෙනවා.


කඩුලුලාභින් අතර මුල් තැන ගෙන සිටින්නේ තරග දෙකකදී කඩුගු 12 ක් දවාගෙන සිටින කෝල්ට්ස් කණ්ඩායමේ රයන් දිසානායකයි.එහෙත් ඉණිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නට සමත්ව ඇත්තේ චිලව් මේරියන්ස් කණ්ඩායමේ මෙලාන් හංසකයි.ඔහු ලකුණු 65 ට කඩුලු 7 ක් දවා ගන්නට සමත් වී තිබෙනවා.මිලාන් එම දස්කම පෙන් වූයේ නාවික හමුදාවට එරෙහිවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...