නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW:
අප විසින් ලියන්නට යෙදුණ ‘මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…‘( https://sinhala.lankanewsweb.net/08/17/192849/)
පිළිතුරු බඳිමින් ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක්‍රීඩා නිලවරණයට අදාළ තීරණයට පදනම් කරගත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් යොමු කරමින්,එතුමාගේ සැබෑ ස්වරූපය පෙන්වන වචන කිහිපයක් ද අකුරු කර එසැණින් මකා දැමුවේය.ඒ විවේචන හෝ වෙනස් අදහස් වෙනුවට තමන්ම නිවැරදි බව සිතන ක්‍රීඩාව ගැන ඔහුගේ අධ්‍යයනයට අදාළ සුළු කාලය විසින් ඇති කර තිබෙන තමන් නිවැරදි සහ තමන් ඇමති යන උත්තරීතරත්වයට පත් කරන හැඟීම නිසා අමාත්‍යවරයා එවැනි ආකාරයට ප්‍රතිචාර දැක්වීමට යාම ගැන අප පුදුම වන්නේ නැත. ඒ පළකළ ලිපිය නැවත කියෙව්වොත් අප එවැනි දේ අමාත්‍යවරයාගේ සාමාන්‍ය තත්ත්වය බව ලියා ඇති බව ඔහුටද තේරුම් ගන්නට අපහසු නැත.
මේ අතර අගෝස්තු 18 වන දා පැවත්වීමට නියමිත නිලවරණය කල්දැමීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැණුම් දුන් බවට පවතින මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ද වට්ස්ඇප් පණිවිඩයක් එවා ඇත.පහත දැක්වෙන්නේ වට්ස්ඇප් ගත කර මලල ක්‍රීඩා ලේකම් සමන් කුමාර ගුණවර්ධන මාධ්‍ය වෙත යොමු කළ ලිපියය.
POSTPONED
The Annual General Meeting and Election of the Sri Lanka Athletics scheduled to be held on 18th August 2025 has been postponed due to unavoidable circumstances.
The new date will be announced later by the Director General of Sports.
Accordingly, please note that as per the announcement issued by the Director General of Sports regarding the Sri Lanka Athletics Election on 15th August 2025, the election will not be held on that date.
Saman Kumara Gunawardna
Secretary General
Sri Lanka Athletics
කල් දමා ඇත
2025 අගෝස්තු 18 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මහා සභා රැස්වීම සහ නිලවරණය නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් කල් දමා ඇත.
නව දිනය ක්‍රීඩා අධ්‍යජනරාල්වරයා විසින් පසුව දැනුම් දෙනු ඇත.
ඒ අනුව, 2025 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, එම දිනයේ නිලවරණය නොපවත්වන බව කරුණාවෙන් සලකන්න
සමන් කුමාර ගුණවර්ධන
ලේකම්
ශ්‍රී ලංකා මලලක්‍රීඩා
මේ සමඟ සමන් කුමාර පවසන අගෝස්තු 15 වන දා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරලාවරයා යොමු කළ ලිපිය අප වෙත යොමු කළේ ක්‍රීඩා අමාත්‍යවරයාය.අමාත්‍යවරයා ඒ ලිපිය යොමු කර කවුරුන් හෝ පවසන ආකාරයේ කතා නොපවසන්නයැයි පවසන්නේ ඇයි ද යන්න අපට පැහැදිළි නැත.එසේත් නැත්නම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියට අනුව අමාත්‍යතුමා එහි කතා කරන්න එපා කී සත්ව ස්වභාවානුරූපය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවසූ දෙයක් ද විය හැකිය.එහි තෙවන පරිච්ඡේදය අපටනම් තේරෙන්නේ නැත.එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන දේ පැහැදිළි කර ගන්නා දෙදෙනෙක් ඇත.එක් අයෙක් වන්නේ මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධනය.අනෙක් පුද්ගලයා ක්‍රීඩා ඇමතිය.අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ලිපිය ඇමතිටද තේරුණ නිසා අපට පැහැදිළි කරගගන්න එම ලිපිය යොමු කරා විය යුතුය.එම ලිපියද මෙහි ඇත.
එම ලිපිය සහ වෙනම එහි 3 කොටස ලෙස දක්වා ඇති කොටස ද යොමු කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන දේ තේරෙනවාද යන්න දැන ගැනීම පිණිසය.ඒ අනුව එම ලිපිය ප්‍රකාරව සමන් කුමාරයන් කියන්නේ එම ලිපියේ දක්වා තිබුණේ නිලවරණය අගෝස්තු 18 වන දින නොපවත්වන ලෙස බවය.ක්‍රීඩා අමාත්‍යවරයා කර ඇත්තේ එම ලිපිය යොමු කිරීමය.අපටනම් එහි දක්වා තිබෙන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවසාන නිර්දේශය පැහැදිළි නැත.තේරෙන්නේ නැත.අප දැනට අමාත්‍යවරයාට සහ සමන් කුමාරට තේරෙණ එම ලිපිය පමණක් ඔබට තේරෙන්නේදැයි දැන ගන්නට ඉදිරිපත් කර නිහඬ වෙමි.
අප විසින් පළමුව ඉදිරිපත් කර ලිපියද ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍යවරයා අප වෙත යොමු කළ ලිපිය ද අනුව එකිනෙකා දක්වා ඇති ප්‍රතිචාර අනුව කවුරුන් හෝ ගොන් කතාවක් කියා ඇත්නම් එය පැහැදළි කර ගන්නා ලෙසද අප පාඨකයන්ටම පවරන්නෙමු.
නිලවරණයේදී නාම යෝජනාවක් ප්‍රතික්ෂේපවීම සිදු වී ඇත්තේ වත්කම් සම්බන්ධ දත්ත පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් නොකිරීම නිසා බව වාර්තා විය.දැනට එය පිළිගත යුතුය යනුවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිර්දේශ කරන බවක් ලිපියේ පළමු අංකය යටතේ හැඟෙන්නේය.නිලවරණයට නිලවරණ මණ්ඩලයට දෙන නිර්නායක පසුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනස් කර තත්ත්වය නරක එකක් බව අපට ගොන්කමට හෝ හැඟෙන්නේය.මිට පෙර රගර් නිලවරණයට කැද වූ නිලවරණ මණ්ඩලය ඡන්දය පැවත්වීමට දින නියම කර තිබියදී එවකට හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නිලවරණය අහිමි කළේය.
එහෙත් ඔහුට සේවා දිගුවක් නොදී අමාත්‍යවරයා සියලු විවේචන පව් සමඟ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යන්නට පාර කැපුවේය.කීර්තිමත් හමුදා නිලධාරියෙකු ලෙස එම පුටුවේ අසුන් ගත් ඔහු ඇමතිවරු තිදෙනෙකුට සුවච කීකරු කුක්කෙකුව සේ සිට අවසානයේ දඩෝරියාට පයින් ගසා පන්නා දමන ආකාරයේ ඉරණමකට ගොඳුරු වූ බව අපේ හැඟීමය.
වත්මනෙහි අධ්‍යක්ෂ ජෙනරාල් පුටුවේ වැඩ ආවරණය කරන වී ප්‍රේමචන්දිරන් ද දත යුත්තේ හදිසියට නිවැරදිව ලිපිය පවා පරික්ෂා නොකර ඉදිරිපත් කරමින් තමන්ගේ තනතුර හෑල්ලු කර ගන්න නොයා යුතු බවය.කවුරුන් හෝ පිනවන්න නම් වැඩ කරන්නේ දිනෙක හැඬෙන්නට ඉඩ ඇත.එවිට කිසිවෙක් කඳුළු පිස දමන්නට නොඑනු ඇත.සියල්ලට තනිව උරදේනට භාරගන්නට සිඳුවනු ඇත.


