බයිඩන් සෞඛ්‍ය, බදු සහ දේශගුණික පනත් කෙටුම්පත් අත්සන් කරයි

Date:

ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් විසින් ධනවතුන් මත බදු බර වැඩි කරන, සෞඛ්‍ය ආරක්ෂණ වියදම්, නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් ඩොලර් බිලියන 700 (පවුම් බිලියන 579) පනතකට අත්සන් තබා ඇති බව වාර්තා වේ. මෙය ඇමරිකන් ඉතිහාසයේ විශාලතම ආයෝජනය ලෙස ද සැලකේ.

ඇමරිකාව 2030 වන විට කාබන් විමෝචනය 42% දක්වා අඩු කිරීමට පුරෝකථනය කර ඇති අතර, මෙම පනත මඟින් පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට සමාගම් සඳහා බදු සහන සලසා තිබේ. එමෙන්ම වයස අවුරුදු 65 ට වැඩි අය සඳහා එහි Medicare සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන යටතේ සපයනු ලබන සමහර බෙහෙත් වට්ටෝරු සඳහා අඩු මිල ගණන් සාකච්ඡා කිරීමට පැකේජයක්ද අන්තර්ගත වන බව කියැවේ.

දේශගුණික වියදම් පෙර නොවූ විරූ දෙයක් වුවද, බොහෝ දෙනා මේ පිළිබඳ විවිධ අර්ථ කථන ඉදිරිපත් කරමින් තිබේ. කොංග්‍රසයේ සෑම රිපබ්ලිකානුවෙක්ම මෙම පනතට විරුද්ධව ඡන්දය දුන් බවට වාර්තා වන අතර නොවැම්බරයේ පැවැත්වීමට අපේක්ෂිත ඡන්දයෙන් ජනාධිපති බයිඩන්ගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තවත් වසර දෙකක් සඳහා කොන්ග්‍රසයේ පාලනය රඳවා ගන්නේද යන්න තීරණය කරන ප්‍රධාන සාධකයක් වශයෙන් මෙම පනත බලපෑ හැකි බව දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...