*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

කැන්ගරු බිමට පැන එංගලන්ත සිංහ ධේනුවෝ කළ දඩයමෙන් ඉනික්බිති, ලෝකය ජය ගැනීමේ අවසන් සටනට

ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය සමඟ සත්කාරක රටේ මිනිසුන්ගේ සිත්වලට කාන්දුවන අමුතු හැඟීම ජයග්‍රාහී එකකි.
”අපි තමයි දිනන්නෙ”
රට වෙනුවෙන් පිටියට බසින අය පමණක් නොවේ.රටේ පුරවැසියන් බහුරතයක් සිතන්නේ ද,පතන්නේ ද එසේය.එවිට රට වෙනුවෙන් පිටියට බසින්නේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩා කණ්ඩායමක් නොවේය.රටක්ය.පුරවැසි ප්‍රේක්ෂක ආශිර්වාදය එතරම්ම තියුණුය.බලවත්ය.
එැවැනි වාතාවරණයක ගෙදරට පැන ජයග්‍රහණය පැහැර ගැනීමට කණ්ඩායමකට තියෙන හැකියාව ජයග්‍රහණයටත් වඩා බලවත් ගුණාංග රැසකින් යුක්තය.අධිශ්ඨානය,නිර්භීතකම මෙන්ම දැවන්ත වූ මානසික ඒකාග්‍රතාවයක් සහිතව නොසැලී ඉන්නට හැකියාව තිබිය යුතුය.


මේ සටහන එවැනි කෙල්ලන් රංචුවක් පිළිබඳවය.කෙල්ලන් කියා සරග කොට දැකවිය නොහැකිය.වෘත්තිමය වශයෙන් ක්‍රීඩාව කරන ඉහත සඳහන් ගුණාංග වෘත්තියෙන්ම පුරුදු කර ගත්,දරා ගන්නට හැකි එම ක්‍රීඩිකාවන් කැල දකින්නට ලැබුණේ මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලද එංගලන්ත මානවිකාවන්ගෙන්ය.ඔවුන් පරාජය කළේ මෙවර ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියට සත්කාරකත්වයට දායක වූ ඕසට්‍රේලියාව සහ නවසිලන්තය අතරින් ඕස්ට්‍රේලියාවය.ඒ අවසාන පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාවේදීමය.ඒ අවසාන තරගයට පෙර පැවත්වෙන අවසාන පූර්ව තරගයේදී ය.
තරගය ආරම්භ වෙද්දීම ඕස්ට්‍රේලියාව පීඩනය එංගලන්තය වෙත දනවා තිබුණේ සත්කාරකත්වයෙන් පමණක් නොවේය.ඔවුන්ගේ දැල රකින්නිය මැකෙන්සි ආර්නෝල්ඩ් ගේ සුරක්ෂිත දෙ’අති ගැනත් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළහ.
නමුත් තරගයේ 36 වන මිනිත්තුවේදී සියල්ල වෙනස් කරමින් ඔස්ට්‍රේලියානු ජය ඝෝෂාවන් බොහොමයක උගුරේ තැන්පත් වන පරිදි ගෝල ප්‍රහාරයක් එල්ල කළේය.ඒ 23 හැවිරිදි එලී ටූන් ගේ පයෙනි.සත්කාරක ඕස්ට්‍රේලියාවේ නායිකා සෑම් කෝර් 63 වන විනාඩියෙදී ක්‍රියාත්මක වූයේ නැවතත් සත්කාරක රටේ බලාපොරොත්තු ඉහළ නංවමින්ය.එය සැබවින්ම තරගය පරාජයට පත් වුව ද ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇය ලද ගෝලය පාපන්දු ක්‍රීඩිකාවකගේ දරා ගැනීම සහ පන්දු පාලනයේ පාලනය සමඟ ධාවනයේ තිබිය යුතු විශිෂ්ඨත්වය කදිමට කියා පෑ අවස්ථාවක් විය.
එහෙත් වෘත්තීය ජීවිතයේ තියෙන ස්ථාවර බව ප්‍රදර්ශනය කරපු එංගලන්ත ක්‍රීඩිකාවෝ තරගයේම රැදී උන්හ.එහි ප්‍රතිපලයක් ලෙස 71 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ ලොරේන් හේම්ප් එංගලන්තයට දෙවන ගෝලය ලබා දුන්නාය.නැවත සත්කාරක රටේ අභියෝගය හමුවේ හෙම්ප් ඉදිරියෙන් තැබූ එංගලන්ත ගමන ජයග්‍රහණයට තවත් සමීප කළ ඇලේසියා රුසෝ එංගලනත්ය වෙනුවෙන් තෙවන ගෝලය ලබා දුන්නේ 86 වන විනාඩියේදී ය.තරගය නිමා වන තෙක්ම ලකුණු 3-1 ක් වූ තරගයේ ලකුණු සටහන වෙනස් නොවුණු අතර එංගලන්තය 2023 ලේක කුසලානය දිනා ගැනීමේ අන්තිම පියවරට සමීප කරමින් තරගය නිමා විණි.

සියල්ලෙන් පිරිපුන් සෑම් කෝර්ගේ ගෝලය


එංගලන්තය අවසාන තරගයේදී හමුවන්නේ ස්පාඤ්ඤ කණ්ඩායමය.ඔවුන් ස්වීඩනය පරාජය කරමින් අවසාන තරගයට පිවිස ඇත.සත්කාරක ඔස්ට්‍රේලියාවට තෙවන තැන දිනා ගැනීම සඳහා සවීඩනය සමඟ තරග කරන්නට සිඳුවනු ඇත.තරගාවලියේ දිග හැරීම බලද්දී එංගලන්තය එකම අපරාජිත කණ්ඩායම වීම සුවිශේෂය.ස්පාඤ්ඤය ජපානය ඉදිරියේ මුල් වටයේ දී 4-0 ක් ලෙස පරාජය වී ඇත.එහෙත් එංගලන්තය තරගයේන් තරගයට ජයග්‍රහණය සඳහා අවශ්‍යය පදනම ආරක්ෂා කරා මිස මහා ප්‍රාතිහාර්ය පාන්නට ගොස් නැත.ඔවුන් තරගාවලිය ආරම්භ කළේ හයිටි කණ්ඩායම 1-0 න් පරාජය කරමින්ය.නයිජීරියාව තරගාවලියෙන් ඉවත් කරන්නට දඩුවම් පහර 4-2 ක් ලෙස ජය ගත්තාය.ඒ නිසා ඒ මොහොතට ජයග්‍රහණයට අවශ්‍යය දේ කරමින් අවසාන තරගයට පිවිසි එංගලන්තය අගෝස්තු 20 වන දා අවසන් තරගය ජය ගතහොත් ලෝක සූරතාවය දිනා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව අපරාජිතව අවසාන තරගය දක්වා පැමිණීම ගැන ද,කාන්තා ලෝක කුසලාන වංශ කතාවේ දීප්තිමත් පරිච්ඡේදයක් වනු ඇත.

ජයග්‍රාහී ආක්‍රමණයට මුල් පියවර තැබූ එලා ටූන්


එංගලන්ත කණ්ඩායම ලෝකයේ ප්‍රබලම කණ්ඩායමක් බවට පත්වීම පිටුපස සිටින්නී නෙදර්ලන්ත ජාතික කණ්ඩායමට අවුරුදු 16 දී ක්‍රීඩා කරන්නට තරම් දක්ෂතාවලින් පොහොසත්ව සිටි සරීනා වේග්මන්ය.මේ වන විට 53 වන වියේ පසුවන ඇය 2021 දී එංගලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය වීමෙන් ඉනික්බිතිව එංගලන්තය 2022 දී යුරෝපීය කුසලානය ද හිමි කර ගත්තාය.ඒ ජර්මණිය පරාජය කරමින්ය.දැන් නැවතත් ලෝක කුසලාන අවසන් තරගයකට පිවිසෙන්නට එංගලන්තයට අවස්ථාව හිමි වී ඇත.එසේම ලෝන ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්තානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන එංගලන්ත කාන්තා පාපන්දු කණ්ඩායමේ වත්මන් සාර්ථකත්වයේ රහස සරීනා බව ද අමතක කරන්නට නොහැකිය.
මේ ජයග්‍රහණය පිටුපස තිබුණ කණ්ඩායම් හැඟීම සහ සාමූහික ක්‍රියාකාරීත්වයේ විශිෂ්ඨත්වය අතරින් ජයග්‍රහණයට වඩාත්ම දායක වූ ක්‍රීඩිකාව ලෙස තරගයේ ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද්දී ලොරේන් හේම්ප් ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan