*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/17

  1. වෛද්‍යවරුන් 2000 පමණ රට හැර දමා ගොස් ඇති අතර, තවත් වෛද්‍යවරුන් 5000 යාමට සූදානමින් පසුවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි: ඉහළ බදු සහ අඩු වැටුප් හේතුවෙන් වෛද්‍යවරුන් අපහසුතාවයට පත්ව ඇති බව ද පවසයි.
  2. ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මුල්ලේරියාවේ පිහිටි ආයතනයේ දැඩි කාර්ය මණ්ඩල හිඟයක් පවතින අතර, එය රෝගීන්ට මෙන්ම කාර්යමණ්ඩලයට ද බලපා ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික විජේසිංහ පවසයි.
  3. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඉන්දියාව විසින් ආදේශක ඩොනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් (Donier-228 maritime surveillance aircraft) නිල වශයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
  4. 2022 අප්‍රේල් සිට ආර්ථික වර්ධනය දැඩි ලෙස සෘණාත්මක තත්ත්වයේ පැවතිය ද, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සතිපතා පිරිනැමෙන සාමාන්‍ය මුදල 2022 මාර්තුවල පැවති රු. බිලියන 56 සිට 2022 ජූනි වන විට රු. බිලියන 90 දක්වා ද, 2023 මාර්තුවන විට රු. බිලියන 113 දක්වා ද, 2023 ජූලිවන විට රු. බිලියන 158 දක්වා ද ඉහළ ගොස් ඇති බව දැනුමැති විශ්ලේෂකයෝ පෙන්වා දෙති: පොලී අනුපාත දෙගුණයටත වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙති: මෙම ප්‍රවණතාවය තිරසාර නොවන අතර, හදිසි ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග නොගතහොත් දේශීය ණය කඩාවැටීමකට ලක්විය හැකි බවට අනතුරු අඟවති.
  5. මෙම වසර අවසන් වන විට ඉස්සන් මෙට්‍රික් ටොන් 50,000ක් අපනයනය කිරීමට ධීවර අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසයි: මෙම ඉලක්කය සපුරා ගැනීමට නම් දිලීර සහ පරපෝෂිතයන්ගේ ව්‍යාප්තිය පිළිබඳ ගැටළුව ආමන්ත්‍රණය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ද අනතුරු අඟවයි.
  6. ජනාධිපති වික්‍රමසිංහ ගේ නොනැවැත්විය හැකි ජයග්‍රහණයට සහාය දීමට කැමති ඕනෑම අයෙකුට එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවර වී පවතින බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි: සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහු පළමුව වික්‍රමසිංහ ට නැවත ජනාධිපති ධූරයට පත්වීමට සහාය දිය යුතු බව ද පවසයි.
  7. කොළඹ පිහිටි මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ 2 වැනි මහලේ ගින්නක් හටගෙන තිබේ: ගිනි නිවන රථ විසින් ගින්න පාලනය කොට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දැමීමට සමත්ව තිබේ.
  8. පාර්ලිමේන්තුවේ කමිටු කාමර පරීක්ෂා කළ පාර්ලිමේන්තු නිලධාරියකුට එම සංකීර්ණයේ කමිටු කාමරයක තිබී කොට්ට 2ක් සහ මෙට්ටයක් හමු ව තිබේ: මීට ඉහත අවස්ථාවල, පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් තරුණ සේවිකාවන්ට ලිංගික අතවර කළ බවට නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී තිබිණි.
  9. ගුවන් නියමුවන් 70 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිවාදී ගුවන් සමාගම් වෙත මාරු කර හැරීම ගුවන් සමාගම මුහුණ දෙන තත්ත්වයේ බරපතලකම අවධාරනය කරන බව ගුවන් නියමුවන්ගේ සංසදයේ නිලධාරියෙක් පවසයි: ආසන්න වශයෙන් ගුවන් නියමුවන් 12 දෙනෙකු පමණ ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් සිය අනිවාර්ය මාස 3ක දැනුම්දීමේ කාල සීමාවන් ඉටු කිරීමට තීරණය කර ඇති බව ද පවසයි: ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සපයනු ලබන මාර්ගෝපදේශයන්ට අනුව සියලුම ගුවන් ගමන් ක්‍රියාත්මක වන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පවසයි.
  10. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද දින සතර මහා දේවාලවල සුබ මොහොතින් කප සිටුවීමෙන් ආරම්භ වේ: කප සිටුවීමෙන් පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර 5ක් පැවැත්වීමට නියමිත ය: ඉන් අනතුරුව කුඹල් පෙරහැර වීදි සංචාරය ආරම්භ වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan