*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

කුමුදු සුවඳ තැවරුණ කොළඹ මතක

මතක කිව්වම හිතට එන්නෙ සිදු වී අවසන් වූ බවක්.ඒත් මේ සිදුවෙමින් තියෙන්නෙ කුමන දෙයක ප්‍රතිපලයක්ද කියන එක මතක කියන වචන ඇතුළෙ හැංගිලා තියෙන්න පුළුවන්.
කුමුදු කුමාරසිංහ පැලවෙන්නෙම කොළඹ නවයෙ වතු සංස්කෘතිය ආශ්‍රිත පරිසරයක.ඒක හදාරන්න වටින විශ්ව විද්‍යාලයක්.නමුත් ඒ වටපිටාවෙ මිනිස්සු නිශ්චිත ලෙස අධ්‍යාපනය කියන සම්මත විෂය එක්ක සම්බන්ධ වෙනවා අඩුයි.මොකද ඒ අයට ජීවත්වෙන්න අධ්‍යාපනයේ විශාල පරාසයක් ආවරණය නොකළට දෛනිකව යම් යම් මාර්ග විවර වෙලා තියෙනවා.සමහර එවා නීතිමය නොවෙන එවා.ඒත් ඒවා ඒ සංස්කෘතියට අමුතු දේවල් නෙමෙයි.
එහෙම වටපිටාවක කුමුදු විතරක් නෙමෙයි ඒ පවුලෙ සාමාජිකයො යම් ආකාරයක අධ්‍යාපනය කියන විෂය පථය ඇතුළෙ ස්ථාවර වෙන්න පොර බඳන පිරිසක් බවට පත් වෙනවා.ඔවුන් සෞන්දර්‍යම මාවතක් දිගේ සහ සාහිත්‍යමය ඇසුරක් ඔස්සේ ලෝකය දකින පිරිසක් හැටියට මේ පරිසරය ඇතුළෙ වෙනම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්නවා.එ අතරින් කුමුදු කුමාරසිංහ කියන්නෙ කොළඹ සමාජයේ සංස්කෘතික රස්තියාදුව අතරෙ බැහැර කරන්න බැරි චරිතයක්.අත ගහන වැඩකදි බොහොම ආදරෙන් සහෘදයන්ගෙ බරට පැකිලීමකින් තොරව උර දෙන්නියක්.ඒ වගේම නිර්භිත චරිතයක්
විශේෂයෙන්ම වේදිකාවේ කුමුදු කුමාරසිංහගෙ රංගන ප්‍රතිභාව සුළු කොට තකන්න බැහැ.ඇය යෞවන සම්මාන සිට රාජ්‍ය සම්මාන දක්වා ඇති ලංකාවේ හැම නාට්‍ය උළෙලකම සිය ප්‍රශස්ත රංගනය වෙනුවෙන් සම්මානනීය වූ රංගන ශිල්පිණියක්.ඇය ශාස්ත්‍රීය කියවන්නයක්.නමුත් ඇයගේ ජීවිතයේ ඒ ශාස්ත්‍ර ඥාණය ඇතුළෙ කොළඹ උප සංස්කෘතියෙන් ඇය එකතු කර ගත් දැනුම වෙනස් තැනක තබා අලෝකවත් කරන්නට ඇය දැනගෙන හිටියා.ඒ අත්දැකීම්වලට සෘජුව සම්මුඛව ගත් දේ ඇයගේ ශාස්ත්‍රිය හැදෑරීම් අස්සෙ තිබ්බම කොළඹ කියන ජීවිතවල කටුක කර්කශ බවම වෙනම රාමුවකට දාලා විඳින්න හැකියාව තිබුණා.
හැබැයි ඒවා අකුරු වුණේ නැහැ.ඔහේ කතා අස්සෙ පාවෙලා ගියා.ඒවා ගල්පර වල වැදිලා හැඩ නඟන පෙණ පිඩු වගේ විසිරිලා ලස්සනට ගැළුවා.කදුළු ගලන්න ඕනි තැන්වල වුණත් ඒවා අස්සෙ සිනහව තැවරිලා තිබුණා.සිනහ වෙන තැන්වල කඳුළු තිබුණා.කොහොමත් කොළඹ කියන සංකීරණ බව දැනගෙන හිටිය මිනිස්සුන්ට ඒ ජීවිතවල බරපතලකම වගෙම අන්තිම සරලකමත් කුමුදුගේ කතාවල තිබුණා.
සමහර වෙලාවක ගම නගරය සහ ඒවයෙ වෙනස්කම් ගැන කතා කරන තැනකට කුමුදු ගෙනත් දාන දේවල් පොදු මනුස්සෙක් නිර්මාණය කරා.අවශ්‍යතාවයන් තීරණය කරන පරිසරය හැරෙන්නට අපිට ගමේ වගේම නගරයෙත් මිනිස්සුන්ගේ කුහකකම්වල,ලෝභකම්වල විතරක් නෙමෙයි ප්‍රේමයේ,දයාවේ,කරුණාවේ තියෙන සමානකම් මතු වෙලා පෙණුනා.ගමේ ඉමක් නොපෙනෙන අක්කර ගාණක වගේම නගරයේ හුස්මත් අනිත් බිත්තියට දැනෙන පටු ඉඩකත් මිනිස්සුන්ට දැනෙන හැඟීම්වල වෙනස්කම් නොතිබෙන බව සමහර වෙලාවට කුමුදුගෙ කතා අස්සෙ සියුම්ව මතු වුණා.
ඇත්තටම ගම සුන්දරයි,නගරය කුණු වෙලා කියන මතය පටු සංස්කෘතික දුප්පත්කමක පලයක් කියන දේ කුමුදුගේ ලියන කතාවන් දැකල නැතත්,අහන කතාවන් මතක කරලා දුන්නා.ඒ නිසා කුමුදුගේ මේ අකුරුවල ඇති මතකය කොළඹට සීමා වුණ.එහි සකස් කරන ලද ජනේලයකින් සමස්ත සමාජයම කියවගන්න පුළුවන් කවුලුවක් තබපු එකක් වෙන්න ඇති කියලයි මට හැඟෙන්නෙ.ඒ නිසාම ඒක අපූරු ඇති.ඒකෙ කොණක හරි කියවන ඔබත් පේන්න ගනියි.මං එහෙම කියන්නෙ කුමුදු ඒ තරමට සංකීරණ සමාජයේ මනුස්ස සබඳතාවන් එක්ක හැ හැප්පිච්ච ගැහැණියක් නිසා.
ඒ අත්දැකීම් එක්ක ආදරණියව සමාජය දිහා බලන්න.මිනිස්සු වෙතින් ගිලිහිලා යන අයිතීන් වෙනුවෙන් සටන්කාමීව හිටගන්න පෙනී හිටින්න බයක් නොපෙන් වූ ගැහැණියක් හැටියට ඇයට සමාජය තුළ ස්ථාවරය රැඳෙන්න හැකි වෙලා තියෙනවා.ඒ ගැහැණිය නමින් කුමුදු පමණක් නෙමෙයි ඇඟෙන් සමාජයට හමන සුවඳත් කුමුදුමැයි දැනෙන්න,ඇය කියන කණ ගන්න අකමැති හිතෙන වචන වගෙම ඇස ගන්න අතමැති වචන බවට පත් වී මේ කෘතියත් ඔබට සමීප වේවි.
කොළඹ මතක විදර්ශන පොත් මැදුරෙදි අගෝස්තු 26 දා පෙරවරු 10.30 ට දොරට වැඩීමෙන් පස්සෙ ඉන් හමන සුවඳත් කුමුදු දැයි ඔබටත් ලියන්න කතා කරන්න ඉඩ හැදේවි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan