කතරගම අවට වන සතුන්ට වස දී මරා දඩ මසට විකුණති

Date:

විනිවිද: දැඩි නියං තත්වය සමඟ බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම,සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි කරගෙන තිබේ.

මේ වන විට කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරි මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිඳී ගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඒවාට ඉටි බෑග් බහා ඒ තුළට කෘෂි රසායනික ද්‍රව්‍ය සහිත ජලය පුරවා වනසතුන් මරා මෙම දඩමස් ජාවාරම සිදුකරන බවට තොරතුරු ලැබී තිබේ.

මෙය කතරගම වන්දනාවේ එන බැතිමතුන්ට දඩමස් සැපයීම පිණිස කරනු ලබන්නක් බව ද අනාවරණය වී තිබේ. මීට අමතරව කතරගම,සෙල්ල කතරගම ආශ්‍රිතව දඩ මස් ලෙසින් බලු මස් විකිණිමේ ව්‍යාපාර ජාලයක් ද මින් පෙර අනාවරණය වී තිබිණ.

මෙසේ වස මුසු කළ ජලය ලබා දීමෙන් සතුන් ඝාතනය කරන්නවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවක් යොදවා ඇති අතර දඩ මස් ආහාරයට ගැනීමෙන් මුළුමනින්ම වළකින ලෙස ඔව්හු ජනතාවට කාරුණික ආයාචනයක් කරති.

මූලාශ්‍රය: විනිවිද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...