සමගි ජන බලවේගයෙන් මාතරට මංගලගේ ලේලිය (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට සිටි ප්‍රවීණම, ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු තැනැත්තිය ලෙස චංචලා ගුණවර්ධන මහත්මිය නම් කළ හැක.

චංචලා ගුණවර්ධන මහත්මිය ඊයේ (17) පස්වරුවේ මාතර, අකුරැස්සේදී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියටත් එක්ව සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...